Friday, October 14, 2011

Rockstar (රොක් සංගීත තරුව)

අධ්‍යක්ශනය :  ඉමිටියාස් අලි
ඇගයීම : *** (3/5)
රංගනය : රන්බිර් කපූර් , නර්ගිස් ෆක්‍රි
Genre:  Romantic Drama

සුපිරි තරුවක් වෙන්න පුලුවන් ලස්සන, ඇහට කනට පේන කොල්ලොන්ට විතරද?
සාමාන්‍ය , සමාජේ කියන විදියට මෝඩ පෙනුමක් තියෙන කොල්ලෙක්ට මුලු ලෝකෙම ආදරේ කරන සුපිරි තරුවක් වෙන්න පුලුවන්ද?

මෙහි කතාව කෙටියෙන් මෙලෙස කියන්නම්.


 ජනර්ධන් ඉන්දියාවේ දිල්ලියේ හැදුනු වැඩුනු මධ්‍යම පාන්තික තරුණයෙකි.ඔහුගේ ජීවිතයේ එකම හීනය ජිම් මොරිසන් මෙන් රොක්ස්ටාර් කෙනෙකු වීමයි.නමුත් ඔහුගේ ගායනයට නිතරම ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අවමන් පමණි.අවසානයේ ඔහුට කලයුතු දේ සිතාගත නොහැකිව යනවා.ඔහු උස්තාද් ජමීල් ඛාන් (ශම්මි කපූර්) යන ගායකයාගේ ඇසුර ලබන අතර සෑම සංගීත තරුවක්ම සතු පොදු ලක්ෂණය හඳුනා ගනියි. ඒ ඔවුන් සියල්ලන්ගේම සාර්තකත්වය පි‍ටුපස දුක්බර කතාවක් තිබීමයි.නමුත් ජනර්ධන් හට දුක්බර ජීවිතයකට යොමු වීමට කිසිදු හේතුවක් තිබුනේ නැත.එම නිසා ඔහු ඔහුගේ ජීවිතයට, ආත්මයට තමන් විසින්ම වධ හිංසා පමුණුවා ගැනීමට සිතා ගනී.මේ සඳහා හීර් කෝර්( නර්ගිස් ෆක්‍රි ) ව යොදා ගනී.  හීර් කෝර් ඔහු ඉගනුම ලබන විද්‍යාලයේ අතිශය ජනප්‍රිය සිසුවියකි.ඇය ලස්සනයි, දක්ෂයි, මාන්නධිකයි,පොහොසත්. ඒ වගේම බොහෝ දෙනෙකුගේ හදවත් බිඳ දමා ඇත.මේ නිසාම ජනර්ධන් හීර් ලවා තමාගේ හදවත බිඳ දමා ගැනීමට සූදානම් වේ.තමාගේ හදවත වේදනාවට ලක් කර ගැනීමේ අරමුනින් ඔහු හීර් ගේ ආදරය පතනවා.

රොක්ස්ටාර් යනු, ජනර්ධන් ජෝඩන් වීමේ කතාවයි.ඔහු ජොඩන් බවට පත් වන්නේ දුක් කම් කටොලු වධ වේදනා මැදය.සරල සාමාන්‍ය ජීවිතයක සිට හිංසා වේදනා වලට බඳුන් වුනු ආත්මයක් ආරූඩ කරගැනීමේ කතාවයි.ඔහු අවසානයේ තම හදවත කුඩා කල සිට ආශා කල අරමුණ ඉ‍ටු කර ගනී.එහෙත් එම අරමුණ මුදුන් පත් කර ගැනීමට ඔහු තම හදවතම සිඳ බිඳ දමයි.


රොක්ස්ටාර් සියලු බොලිවූඩ් රසිකයන්ට ඉතා වැදගත් වීමට තව ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
එකක් තමයි ශම්මි කපූර් කියන පසුගියද අප අතරින් වියෝවුනු බොලිවුඩයේ සද්දන්ත නළුවා අවසන් වරට මෙහි රඟපා තිබීමත් බොලිවූඩයේ මහා සංගීතවේදියා වන ඒ.ආර්. රහමාන් විසින් සංගීත අධ්‍යක්ශනය කර තිබීමත්ය.


2 comments:

  1. නියම චිත්‍රපටයක් වගේ.. ආවහම බලමුකෝ :)

    ReplyDelete
  2. wow !!! seems this will be a hit ...

    ReplyDelete