Showing posts with label Movie Reviews. Show all posts
Showing posts with label Movie Reviews. Show all posts
Thursday, April 5, 2012
Dangerous Ishhq (2012)
අධ්‍යක්ශනය : වික්‍රම්
බට්
ඇගයීම :
රංගනය : කරිශ්මා
කපූර්, රාජ්නේශ්
දුග්ගල්
Genre: Suspense Thriller
Run time:
තිරගත වීම :
මාධ්‍ය: 3D , 2D
කතාව කෙටියෙන්...
රෝහන්(රාජ්නේශ් දුග්ගල්) , ඉන්දියාවේ
ප්‍රධාන පෙලේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකි.ඔහු හා සන්ජනා (කරිශ්මා කපූර්) කියන
ජනප්‍රිය නිරූපිකාව රටේ ඉතා ප්‍රසිද්ධ පෙම් යුවලක්ය. සන්ජනාට හදිසියේම නිරූපන
අවස්තාවක් සඳහා ප්‍රංශයට යාමට සිදුවේ.ඒත් අවසාන මොහොතේදි ඇගේ මෙම ගමනට බාධා
ඇතිවන්නේ ඇයට රෝහන්ව දාලා යන්න වන නිසාම නෙමේ. ඒ අභිරහස් අදිසි බලවේගයක් නිසාය. මේ
අතරෙම රෝහන් ව කවුදෝ නාදුරන පිරිසක් පැහැර ගෙන යනවා. මෙම ආන්දෝලනාත්මක පැහැර ගැනීම
නිසා සන්ජනාගේ ජීවිතය තවත් අවදානමට ලක්වෙනවා.මේ අතරේ රෝහන්ව පැහැර ගත් පිරිස කෝටි 50ක කප්පම් මුදලක් ඉල්ලා සිටියත් පොලීසිය විස්වාස කරන්නේ කප්පම් මුදල ගෙව්ව
කියල රෝහන් ගෙ ජීවිතය ලැබෙන එකක් නැති බවයි. කාලය වේගයෙන් ගලා යයි. නවද සන්ජන
අමුතු අත්දැකීමකට මුහන දෙනවා. ඒ ඇයට අතීත සිදුවීම් වගයක් දරශනය වෙයි. ඒ විවිධ කාල
වලට අයත් ඇය හා රෝහන් සම්බන්ධ ඒවායි. මුලින් ඇය මේවා පිලි නොගත්තද එම අතීත
සිදුවීම් මගින් ඇගේ ආදරය වන රෝහන්ව බේර ගන්න උදව් වන ඉඟි ලැබෙනවා. පසුව ඇය එම ඉඟි
ඔස්සේ ඔහුව බේර ගන්න උත්සහ කරනවා. ඇගේ ඒ කතාව තමයි මේ Dangerous Ishhq එහෙම නැත්නම් අවදානම් සහිත
ආදරය.
Trailer:
Tezz (2012)
අධ්‍යක්ශනය : ප්‍රියදර්ශන්
ඇගයීම :
රංගනය : අජේ දේව්ගන්, අනිල්
කපූර්, කන්ගනා රනාවත් , සමීරා රෙඩ්ඩි, බෝමන්
ඉරානි හා සයිඩ් ඛාන්
Genre: Action Thriller
Run time:
තිරගත වීම :
කතාව
කෙටියෙන්...
එක් පුද්ගලයෙක් තමන්ට අහිමි වූ දේ නැවත ලබා ගන්න ඉදිරියට ඇවිත් සිටිනවා, අනෙක් පුද්ගලයා ඔහුව නවත්වන්න නීතියේ නාමයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා.
දෙදෙනාම තරඟ වදින්නේ එකිනෙකාට විරුද්ධවයි ,
කාලයට විරුද්ධවයි.
Trailer :
Wednesday, April 4, 2012
Agent Vinod (2012)
අධ්‍යක්ශනය : ශ්‍රි රාම් රාගවන්
නිශ්පාදනය: සයිෆ් අලී ඛාන්, දිනේශ් වෛජාන්
ඇගයීම : **1/2 (2 + 1/2)
රංගනය : සයිෆ් අලී ඛාන්, කරීනා කපූර්
Genre: Action Spy Thriller
Run time: 2hrs 32 minutes
තිරගත වීම : March 26 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි Ultra සිනමා හලේදී
කතාව කෙටියෙන්...
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ සේවය කල රාජ්න් නැමති ඔත්තු කරු මොස්කව් නුවරදි හදිසියේම තමන්ගේ අනන්‍යතාව එළිවීම නිසා මරණයට පත්වේ. මේ ගැන සහ රාජන් මරණයට පත්වීමට පෙර එවු 242 යන කේතය කුමක් දැයි සේවීම විනෝද් (සයිෆ් අලී ඛාන්) කියන ඒජන්තවරයා රුසියාවට යයි. මෙයින් ආරම්භ වූ මෙම මෙහයුම එජ්න්ට් විනොද් තමන් ගේ නම නිරන්තරයෙන් වෙනස් කරමින් විවිධ රටවලට ගමන් කරයි.මෙම චිත්‍රපටිය ජේම්ස් බොන්ඩ් ආකරයේ චිත්‍රපටියක් වේ. නමුත් මෙය සම්පුර්නයෙන්ම අලුත් කතාවකි.
Trailer
කතාව කෙටියෙන්...
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ සේවය කල රාජ්න් නැමති ඔත්තු කරු මොස්කව් නුවරදි හදිසියේම තමන්ගේ අනන්‍යතාව එළිවීම නිසා මරණයට පත්වේ. මේ ගැන සහ රාජන් මරණයට පත්වීමට පෙර එවු 242 යන කේතය කුමක් දැයි සේවීම විනෝද් (සයිෆ් අලී ඛාන්) කියන ඒජන්තවරයා රුසියාවට යයි. මෙයින් ආරම්භ වූ මෙම මෙහයුම එජ්න්ට් විනොද් තමන් ගේ නම නිරන්තරයෙන් වෙනස් කරමින් විවිධ රටවලට ගමන් කරයි.මෙම චිත්‍රපටිය ජේම්ස් බොන්ඩ් ආකරයේ චිත්‍රපටියක් වේ. නමුත් මෙය සම්පුර්නයෙන්ම අලුත් කතාවකි.
Trailer
Housefull 2 (2012)
අධ්‍යක්ශනය : සජිත් ඛාන්
නිශ්පාදනය: සජිත් නදියද්වාලා
ඇගයීම :** (2 Stars)
රංගනය : අක්ශේ කුමාර් , රිතේෂ් දේශ්මුක්, අසින් , ජොන් එබ්‍රහම් , ජැකලින් ෆර්නැන්ඩස් , සරීන් ඛාන් , ශෙනාස් පද්මශ්‍රී, ශ්‍රෙයාස් තාල්පාඩේ , මිතුන් චක්‍රබොර්ති , රිශි කපූර් , රන්දීර් කපූර් හා බොමන් ඉරානි
Genre: හින්දි කොමඩි චිත්‍රපටියකි.
Run time: 2 hours 25min
තිරගත වීම : April 6 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදී
කතාව කෙටියෙන්...
මෙහි කතාව අතිශය විනෝදජනක වෙයි. මෙය පියවරුන් හතර දෙනකු ගේත් , කසාද බඳින වයසේ සිටින දූ වරු හතර දෙනකු ගේත් , එම දූ වරු බඳින්න සිටින බෑනාවරු හතර දෙනකු ගේත් කතාවකි. හැම පියෙක්ටම ඕනේ තමන්ගේ දුව පෝසත්ම බෑනාට බන්දන්න. හැම දුවෙක්ටම ඕනේ පෝසත්ම කෙනාව බඳින්න. හැම බෑනා කෙනෙක්ටම ඕනේ තමන් පෝසත්ම බෑනා බව පෙන්නන්න. මෙහි හැම චරිතයක්ම ඉතාම හාස්‍යජනක වෙයි. ඒ වගේම බෑනා වරු හතර දෙනාටම තියන්නේ එකම නම. මේ නිසා ඇතිවන සිද්ධි වටා මෙහි කතාව ගෙතී ඇත.
කතාව කෙටියෙන්...
මෙහි කතාව අතිශය විනෝදජනක වෙයි. මෙය පියවරුන් හතර දෙනකු ගේත් , කසාද බඳින වයසේ සිටින දූ වරු හතර දෙනකු ගේත් , එම දූ වරු බඳින්න සිටින බෑනාවරු හතර දෙනකු ගේත් කතාවකි. හැම පියෙක්ටම ඕනේ තමන්ගේ දුව පෝසත්ම බෑනාට බන්දන්න. හැම දුවෙක්ටම ඕනේ පෝසත්ම කෙනාව බඳින්න. හැම බෑනා කෙනෙක්ටම ඕනේ තමන් පෝසත්ම බෑනා බව පෙන්නන්න. මෙහි හැම චරිතයක්ම ඉතාම හාස්‍යජනක වෙයි. ඒ වගේම බෑනා වරු හතර දෙනාටම තියන්නේ එකම නම. මේ නිසා ඇතිවන සිද්ධි වටා මෙහි කතාව ගෙතී ඇත.
මෙහි Trailer එක පහලින් බලන්න. .
Tuesday, March 13, 2012
Kahaani (2012)
ඇගයීම : **** (4/5)
රංගනය : විද්‍යා බාලන්
Genre: ත්‍රාසයජනක වෘතාන්තයක් / Suspense Thriller
Run time: පැය 1 මිනිත්තු 55
තිරගත වීම : මාර්තු 9 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදී
කතාව කෙටියෙන්...
විද්‍යා බාග්චි , කියන්නේ ලස්සන , බුද්ධිමත් , නවීන පන්නයේ සත් මස් ගැබිනි කාන්තාවකි. ඇය සංවේදි තත්වයක සිටියද ඇය ලන්ඩනයේ සිට කොල්කටාවට ආවේ ඇගේ අතුරුදහන් වූ සැමියා සොයා ගන්නයි.
අර්නාබ් බාග්චි , ඇගේ සැමියා , විද්‍යාට අනුව ඇයට ජීවිත් වීමේ එකම අරමුණ වේ. ඔහු කොල්කටාවට ආවේ මෘදුකාංග පිලිබඳ ව්‍යාපෘතියක් සඳහාය. ඒ කොල්කටාවේ පිහිටි ජාතික දත්ත මධ්‍යස්ථානයටයි.ඔහුගේ පැමිනීමෙන් සති දෙකකට පසු ඔහු හා විද්‍යා අතර සබඳතා ඇණ හිට තිබෙනවා. මින් කැළඹීමට පත් විද්‍යා ලන්ඩනයේ සිට කොල්කටාවට ආ විගසම යන්නේ පොලිස් ස්ථානයටයි. එහි ඇය තම සැමියාගේ අතුරුදහන් වීම ගැන පැමිනිලි කරයි. පසුව ඇය රානා කියන පොලිස් නිලධාරියා සමඟ ඇයගේ සැමියා නතර වී සිටි හෝටලය සොයා යයි. නමුත් එහි ගිය පසු ඇයට හා රානාට දක්නට ලැබෙන්නේ ඉතා අඩු පහසුකම් ඇති නවාතැන් පලකි. ඇය එහි කලමණාකරුගෙන් ඇගේ සැමියා ගැන විමසූ විට ඔහු තරයේ පවසන්නේ එහෙම කෙනෙක් මෙහි නැවතී නොසිටි බවයි.
පසුදා ඇය ජාතික දත්ත මධ්‍යස්ථානයට ගිය විට එහි නිලධාරිනියක් වන ඇග්නස් අර්නාබ් නැමති පුද්ගලයෙක් එහි පැමිණ නැති බව පවසයි. තවදා රානා ද ගුවන් තොටුපලහි දත්ත පිරික්සා බැලූ විට අර්නාබ් බාග්චි කියා කෙනෙක් ලන්ඩනයෙන් පිටවී හෝ කොල්කටාවට පැමින හෝ නැති බවයි.
එසේ නම් විද්‍යා ගේ සැමියා කොහේද? ඔහුට කුමක් වී ඇතිද? විද්‍යාට කොල්කටාවේ දුර්ගා පුජා උත්සව මධ්‍යයේ ඔහුව සොයා ගැනීමට හැකිවේවිද? නැතිනම් අර්නාබ් බාග්චි යනු විද්‍යාගේ මනසේ සිටින කෙනෙක්ද?
මේ සියල්ලට පිලිතුරු චිත්‍රපටිය නරඹාම පිලිතුරු සොයා ගන්න.
Trailer එක මෙතනින් බලන්න.
Sunday, March 11, 2012
Agneepath (2012)
අධ්‍යක්ශනය : කරන් මල්හෝත්‍රා
නිෂ්පාදනය: කරන් ජොහාර්
ඇගයීම : *** (3/5)
රංගනය : රිතික් රෝෂන්, ප්‍රියංකා චොප්‍රා , රිශි කපූර් , සන්ජේ දත්
Genre: ක්‍රියාදාම
මෙය ප්‍රතිනිර්මාණයක් යැයි කීවද එදා චිත්‍රපටිය හා මෙදා චිත්‍රපටිය අතර විශාල වෙනසක් තිබේ.
ප්‍රධාන කතා වස්තුව , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා එකම වුවද , ප්‍රධාන කතා වස්තුවේ පසුබිමත් , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා ගේ ප්‍රතිරූපය සහමුලින්ම වෙනස්ය.මෙහි අලුතින්ම එකතුවූ චරිත වන්නේ කාලි (ප්‍රියංකා චොප්‍රා) හා රවුෆ් ලාලා (රිශි කපූර්) රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය කරන් මල්හෝත්‍රාගෙ කුළිඳුල් අධ්‍යක්ෂනයයි. මෙහි නිෂ්පාදක කරන් ජොහාර් විසින් නිෂ්පාදනය කල පලමු ක්‍රියාදාම චිත්‍රපටියයි.
මෙම චිත්‍රපටිය ඉන්දියාවෙදී පමනක් ඉන්දීය රුපියල් කෝටි 120 කට වඩා වැඩි ආදයමක් ඉපෙයුවාය.
මෙහි කතාව කෙටියන්ම කියනවානම් ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන්ගේ (රිතික් රෝෂන්) පියාව ඔහු කුඩා කලදී කන්චා (සන්ජේ දත්) නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දැවැන්ත මිනිසාගෙන් පලිගැනීමට යන කතාවයි.
Don2 (2011)
අධ්‍යක්ශනය : ෆර්හාන් අක්තාර්
ඇගයීම : *** (3/5)
රංගනය : ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්‍රා, ලාරා දත්තා , කුනාල් කපූර්
Genre: Action
Run time: පැය 2 මිනිත්තු 20
2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. ඩොන් චිත්‍රපටිය නරඹපු හැමෝම මෙහි චරිත අඳුරනවා ඇතිනේ.
ඩොන්2 චිත්‍රපටියට අලුතෙන්ම එකතු වූ නළු නිලියන් වන්නේ ලාරා දත්තා , කුනාල් කපූර් හා තවත් ඉන්දීය හා ජර්මානු රංගන ශිල්පීන්ය. මෙයද ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ශනයකි. නිෂ්පාදනය එක්සෙල් එන්ටටෙන්මන්ට් විසිනි.
මෙම චිත්‍රපටියේ මූලිකවම පෙන්වන්නේ ඩොන් ගේ ආධිපත්‍ය ආසියාවේ සිට යුරෝපයට පැතිරීම හා ඩොන් සමඟ රෝමා (දැන් ඇය පොලිස් නිලධාරිනියක්) ගේ ආදර කතාවයි.
Zindagi Naa Milengi Dobara (2011)
ඇගයීම : **** (4/5)
රංගනය : Hrithik Roshan , Abhay Deol, Farhan Akhtar ,Katrina Kaif, Kalki Koechlin, Ariadna Cabrol
Genre: Drama
මේ චිත්‍රපටියේ නමේ තෙරුම ජීවිතය දෙපාරක් ලැබෙන්නෙ නෑ කියන එකයි . මේක ඇත්තද ? ආගම් හෝ දර්ශණ අනුව බලන කොට නම් එක ඇත්ත නෙමේ. එත් මේ චිත්‍රපටියෙන් කියන්නෙ ජීවිතයේ අපට ලැබෙන සමහර අවස්ථාවන් මගහරින්න එපා කියලා. එම අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. ජීවිතය ජීවත් වෙන හැටි මෙන්ම ජීවිතය විඳින්න කියල දෙන ලස්සන චිත්‍රපටියකි .
මෙම චිත්‍රපටියෙ කතාව කෙටියන් කියනවානම් අර්ජුන් , කබීර් , ඉම්රාන් යන මිතුරන් තිදෙනා Spain වලට යන චාරිකාවදි හමුවන පුද්ගලයන් , ලැබෙන අත්දැකීම් හා ඔවුනොවුන් අතර ඇතිවන මත ගැටුම් අනුව ඔවුන්ගෙ ජීවිතවල වෙනසක් ඇතිවේ. මෙහි වැඩි කොටසක් රූගත කර ඇත්තේ Spain වල වන අතර මෙම චිත්‍රපටියෙ පසුතල දර්ශන නෙත් ඇද ගන්නාසුලු වේ. මට පුද්ගලිකවම මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව Spain හා Spanish භාශාව ගැන විශාල උනන්දුවක් ඇති වුනා .
මේ චිත්‍රපටිය අනෙක් බොලිවූඩ් චිත්‍රපටි වලට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටියක්.
Friday, October 14, 2011
Rockstar (රොක් සංගීත තරුව)
ඇගයීම : *** (3/5)
රංගනය : රන්බිර් කපූර් , නර්ගිස් ෆක්‍රි
Genre: Romantic Drama
සුපිරි තරුවක් වෙන්න පුලුවන් ලස්සන, ඇහට කනට පේන කොල්ලොන්ට විතරද?
සාමාන්‍ය , සමාජේ කියන විදියට මෝඩ පෙනුමක් තියෙන කොල්ලෙක්ට මුලු ලෝකෙම ආදරේ කරන සුපිරි තරුවක් වෙන්න පුලුවන්ද?මෙහි කතාව කෙටියෙන් මෙලෙස කියන්නම්.
ජනර්ධන් ඉන්දියාවේ දිල්ලියේ හැදුනු වැඩුනු මධ්‍යම පාන්තික තරුණයෙකි.ඔහුගේ ජීවිතයේ එකම හීනය ජිම් මොරිසන් මෙන් රොක්ස්ටාර් කෙනෙකු වීමයි.නමුත් ඔහුගේ ගායනයට නිතරම ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අවමන් පමණි.අවසානයේ ඔහුට කලයුතු දේ සිතාගත නොහැකිව යනවා.ඔහු උස්තාද් ජමීල් ඛාන් (ශම්මි කපූර්) යන ගායකයාගේ ඇසුර ලබන අතර සෑම සංගීත තරුවක්ම සතු පොදු ලක්ෂණය හඳුනා ගනියි. ඒ ඔවුන් සියල්ලන්ගේම සාර්තකත්වය පිටුපස දුක්බර කතාවක් තිබීමයි.නමුත් ජනර්ධන් හට දුක්බර ජීවිතයකට යොමු වීමට කිසිදු හේතුවක් තිබුනේ නැත.එම නිසා ඔහු ඔහුගේ ජීවිතයට, ආත්මයට තමන් විසින්ම වධ හිංසා පමුණුවා ගැනීමට සිතා ගනී.මේ සඳහා හීර් කෝර්( නර්ගිස් ෆක්‍රි ) ව යොදා ගනී. හීර් කෝර් ඔහු ඉගනුම ලබන විද්‍යාලයේ අතිශය ජනප්‍රිය සිසුවියකි.ඇය ලස්සනයි, දක්ෂයි, මාන්නධිකයි,පොහොසත්. ඒ වගේම බොහෝ දෙනෙකුගේ හදවත් බිඳ දමා ඇත.මේ නිසාම ජනර්ධන් හීර් ලවා තමාගේ හදවත බිඳ දමා ගැනීමට සූදානම් වේ.තමාගේ හදවත වේදනාවට ලක් කර ගැනීමේ අරමුනින් ඔහු හීර් ගේ ආදරය පතනවා.
රොක්ස්ටාර් යනු, ජනර්ධන් ජෝඩන් වීමේ කතාවයි.ඔහු ජොඩන් බවට පත් වන්නේ දුක් කම් කටොලු වධ වේදනා මැදය.සරල සාමාන්‍ය ජීවිතයක සිට හිංසා වේදනා වලට බඳුන් වුනු ආත්මයක් ආරූඩ කරගැනීමේ කතාවයි.ඔහු අවසානයේ තම හදවත කුඩා කල සිට ආශා කල අරමුණ ඉටු කර ගනී.එහෙත් එම අරමුණ මුදුන් පත් කර ගැනීමට ඔහු තම හදවතම සිඳ බිඳ දමයි.
රොක්ස්ටාර් සියලු බොලිවූඩ් රසිකයන්ට ඉතා වැදගත් වීමට තව ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
එකක් තමයි ශම්මි කපූර් කියන පසුගියද අප අතරින් වියෝවුනු බොලිවුඩයේ සද්දන්ත නළුවා අවසන් වරට මෙහි රඟපා තිබීමත් බොලිවූඩයේ මහා සංගීතවේදියා වන ඒ.ආර්. රහමාන් විසින් සංගීත අධ්‍යක්ශනය කර තිබීමත්ය.
Tuesday, October 4, 2011
Mausam (ඍතු)
ඇගයීම : *** (3/5)
රංගනය : ෂාහිඩ් කපූර්, සෝනම් කපූර්
Genre: Romantic Drama
මෙම චිත්‍රපටිය කාලෙකින් දකින්න ලැබුනු ආදර කතාවකි. මෙම චිත්‍රපටිය මුලිකවම ගෙතෙන්නේ Harinder Singh හෙවත් Harry යන පන්ජාබි තරුණයා හා Aayath යන කාශ්මීරි තරුණිය වටාය.මෙහි මොවුන් දෙදෙනාගේ ජීවිතයේ වසර 10ක් තුල සිදුවන ලංවීම්, වෙන්වීම් මෙන්ම බාහිර ලෝකයෙන් ඔවුන්ට එල්ල වන අභියෝග පිලිබඳව වඩා නාට්‍යමය අන්දමින් පෙන්වයි.
මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ ජනප්‍රිය නලු ෂාහිඩ් කපූර් හා විලාසිතා රැජින ලෙස ප්‍රකට සෝනම් කපූර් වේ.මෙම චිත්‍රපටිය ෂාහිඩ් කපූර් ගේ පියා වන පන්කජ් කපූර් ගෙ කුළිඳුල් චිත්‍රපටිය වේ.
මෙහි සංගීතය ප්‍රීතම් විසින් නිර්මානය කරන ලද අතර මෙහි "රබ්බා" හා "සජ් ධජ් කෙ" යන ගීත ඉතා ජනප්‍රිය විය.
ෂාහිඩ් හා සෝනම් කපූර් ට අමතරව අනුපම් ක්හෙර්, සුප්‍රියා පතක් , අදිති ෂර්මා මෙහි රංගනයෙන් දායක වේ..ඉන්දියාවේ හා ස්කොට්ලන්තයේ රූපගත කරන ලැබූ අතර මෙහි රූප අතිවිශිශ්ට ලෙස කාච ගත කොට ඇත.
Sunday, October 2, 2011
Ra One (රා වන්)
ඇගයීම : *** (3/5)
රංගනය : Shahrukh Khan, Kareena Kapoor
Genre: SCI-FI, ත්‍රාසයජනක , විනෝදාත්මක
පිය-පුතු සබඳතාව වටා ගෙතුනු කතාවකි.ශේකර් සුබ්‍රමනියම්, එංගලන්තයේ London වල පදිංචි Video Game නිර්මානකරුවකි.ඔහු තම බිරිද සෝනියා හ පුතු ප්‍රතීක් සමග ජීවත් වේ.මෙහිදි ඔහු තම පුතු වෙනුවෙන් නිර්මානය කරන Video game එක සැබෑ ජීවියතට පැමින ක්‍රීඩා කිරිම මගින් ඔවුන්ගේ ජීවිත වෙනස් කරයි.
මෙම චිත්‍රපටිය සදහා විශාල තාක්ෂනික ශිල්පීන් හා ප්‍රයෝග යොදා ඇත.මෙය ඉන්දියානු සිනමාවේ වැඩිම වියදමක් දරන ලද චිත්‍රපටිය ලෙස සැලකේ.
මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Anubhav Singha විසිනි.මෙහි Shahrukh Khan ට අමතරව ජනප්‍රිය නිලි Kareena Kapoor සොනියා ලෙසද, Arjun Rampal Ra One යන දුශ්ට චරිතයද රඟ දක්වයි.මෙහි Shahrukh Khan ශේකර් හා G one යන චරිත දෙකම රඟ දක්වයි.
මොවුන්ට අමතරව Armaan Verma,Tom Wu, Shahana Goswami,Dalip Tahil, Sathish Shah ඇතුලු විශාල නලු නිලි පිරිසක් මෙයට දායක වේ.විශේෂයෙන්ම මෙහි ආරාධිත රංගනයෙන් සුපිරි නලු Rajini Kaanth,Sanjay Dutt හා Priyanka Chopra දායක වේ.
මෙම චිත්‍රපටිය සදහා Vishal-Shekar සංගීතය සපයන අතර මෙහි ගීත දෙකක්ම ජනප්‍රිය ගායක Akon විසින් ගායනා කර ඇත.මෙහි ගීත මේ වන විට ලොව පුරා ඉහල ජනප්‍රියතාවයට පත්ව ඇත.
මෙම චිත්‍රපටිය ඉන්දියානු සිනමාව එක් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස හැදින්වේ.























