Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts
Friday, April 13, 2012
ෂාරුක් ඛාන්ව නැවතත් ඇමරිකාවේ ගුවන් තොටුපලේදී රඳවාගෙන
ෂාරුක් ඛාන්ව ඇමරිකාවේ
නිව් යෝක් ගුවන් තොටුපලේදී පැය 3කට රඳවාගෙන
තිබේ. ඒ ඊයේ ඔහු පුද්ගලික යානයකින් ඇමරිකාවට ගියවිටය. යේල් විශ්ව විද්‍යාලයෙන්
පිරිනමන උසස්ම සාමාජිකත්වය ලැබූ ඔහු එහි දේශනයකට යාමේදී සිදුවී තිබේ. මෙලෙස ඔහුට
මේ ඇබැද්දියට මුහුණ දෙන්න සිදු වූයේ පලමු වතාවට නෙමෙයි. 2010 දීත් මෙවැනිම
සිද්ධියකට ඔහු මුහුණ දුන්නාය. ඒ ත් ඇමරිකාවෙදීය.
Image Courtesy : @SRK_fc
ෂාරුක් ඛාන් ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ආරධිත දේශනයක
ෂාරුක් ඛාන්
හට ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් ලැබුනු ආරාධනාවක් අනුව ඔහු ඊයේ ඔහු දේශනයක්
පැවත්වූවාය. මෙහිදී ඔහුට විශ්ව විද්‍යාලයෙන් පිරිනමන උසස්ම සාමාජිකත්වය
පිරිනැමුවාය.ඔහු මෙහිදී දේශනය පැවත්වූයේ මානුශිකත්වය කලාව තුලින් සොයා යෑම ගැනයි.
ඔහුගේ දේශනය කොටස් 3 කින් පහත දැක්වේ.
Image Courtesy : @SRK_fc
Video Courtesy : @TheSRKFC
Wednesday, April 11, 2012
Zanjeer ප්‍රතිනිර්මාණයට සූදානම්
අපූර්ව ලාකියා
අධ්‍යක්ශනය කරන්න නියමිත 1973 තිරගත වූ Zanjeer චිත්‍රපටියහි Remake සඳහා එහි cast එක තෝරාගෙන අවසන් ය.
එදා අමිතාබ් බච්චන් හා ජයා බච්චන් රංගනයේ යෙදුන Zanjeer චිත්‍රපටියේ මෙදා තෙලඟු චිත්‍රපට නළු රාම්
චරන් තේජා හා ප්‍රියංකා චොප්‍රා රංගනයේ යෙදීමට නියමිතයි. මොවුන් දෙදෙනාට අමතරව අර්ජුන්
රාම්පාල්, මහි ගිල් හා
ප්‍රකාශ් රාජ් මෙම චිත්‍රපටියට දායක වෙයි.
රානි මුකර්ජීත් Item Number කරන්නට යයි.
රානි මුකර්ජී මෙම නර්තනය කරන්න යන්නේ ඇගේ නිකුත් වෙන්න නියමිත "Aiyya" චිත්‍රපටිය වෙනුවෙනි. ඇයද දැන් කැට්‍රිනා කයිෆ් , කරීනා කපූර් හා විද්‍යා බාලන් ගේ පාරේ යමින් මෙම Item Song එක Hit එකක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙම චිත්‍රපටියට රානි සමඟ දමිල නලු ප්‍රිතිවිරාජ් ද රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය දමිල තරුණයකු සමඟ ආදරයෙන් බැඳෙන මරාති තරුණියක් වටා ගෙතෙයි.
තමන් හා ෂාරුක් පෙර ලෙසම මිතුරන්ය : අර්ජුන් රාම්පාල්
බොලිවුඩයේ බොහෝ දෙනා කතා කරපු දෙයක් තමයි අර්ජුන් රාම්පාල් හා ෂාරුක් ඛාන් අතර මිතුරුකම පළුදු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය මෙසේ කීවේ ෂාරුක් , ළඟදී අර්ජුන් විසින් පවත්වපු සාද වලට පැමින නොසිටීමයි. ඒත් මේ සියල්ලට උත්තර දෙමින් අර්ජුන් හින්දුස්තාන් ටයිම්ස් පත්තරේට ලිපියක් ලියා තිබේ. එයින් ඔහු තරයේම පවසා ඇත්තේ මෙය මාධ්‍ය වලින් ගොතපු කතාවක් මිසක් ඇත්තක් නොවන බවයි.
ප්‍රියංකා හා කේටි පෙරී ගේ හිතවත් කම
පසුගිය සඳහා
පැමිනි කේටි පෙරී හා ප්‍රියංකා චොප්‍රා හිතවත් වූ අයුරු පෙන්වන ඡායාරූප කිහිපයක්
නිකුත් වී තිබේ.
ප්‍රියංකා හා කේටි පෙරී Shopping කරමින්
කේටි පෙරී ඇගේ
ඉන්දීයාවට පැමිනීමට සැලකීමක් ලෙස Twitter හි මේ video එක tweet කර තිබුනි. එහි තිබුනේ California
Girl හි Bollywood Remix video එකක්ය
Photo courtesy : Billboard.com
ප්‍රියංකා හා
කේටි පෙරී Tuk Tuk සවාරියක් යමින්:
ප්‍රියංකා හා කේටි පෙරී Shopping කරමින්
ප්‍රියංකා හා
කේටි පෙරී ආහාර ගනිමින්
Photo courtesy : Billboard.com
ෂාරුක්ට ෆාරා ඛාන් වෙනුවෙන් දින නෑ
ෂාරුක් හා ෆාරා තමන්ගේ පළුදු වූ යාලුකම නැවත ඇතිකරගත්තත් ඇගේ චිත්‍රපටිය වන Happy New Year සඳහා ෂාරුක් ට දින වෙන් කිරීමට නොහැකිව පවතී. ෂාරුක් යශ් චොප්‍රාගේ චිත්‍රපටිය හා රොහිත් ශෙට්ටි ගේ Chennai Express වලින් පසුව Happy New Year රූගත කිරීමට නියමිතව තිබුනද තමන්ගේ කුඩා කාලයේ මිතුරෙක් වන අනිල් සිනියර් ගේ චිත්‍රපටිය වන ABCD සඳහාද කැමැත්ත පල කර තිබේ. ඒනිසා ෆාරාට 2013 අග වන තෙක් බලාගෙන ඉන්න සිදුවෙවි.
Tuesday, April 10, 2012
Krrish 3 වැඩිහිටියන්ටයි
Krrish චිත්‍රපටි මාලාවේ 3 වන චිත්‍රපටිය ලෙස නිකුත් වීමට නියමිත Krrish 3 චිත්‍රපටිය කලින් චිත්‍රපටි වන Koi Mil Gaya හා Krrish මෙන් ළමයින් මූලික කර ගෙන නිර්මාණය කරන්නක් නොවන බව එහි අධ්‍යක්ශක රාකේශ් රෝශන් පවසයි. මෙහි මූලිකව Action Scenes සදහා වැඩි අවදානයක් යොමු කර ඇති බව ඔහු පවසයි. Krrish 3 චිත්‍රපටියේ රිතික් රෝශන් , ප්‍රියංකා චොප්‍රා , කන්ගනා රනාවුත්, විවේක් ඔබරෝයි රංගනයෙන් දායක වෙයි.
Kya Super Kool Hai Hum චිත්‍රපටිය Kabhi Kushi Kabhi Gham සමච්චලයට ලක් කරන්නේ නෑ : රිතෙශ් දේශ්මුක්
පසුගියදා
නිකුත් වූ Kya Super Kool Hai Hum චිත්‍රපටියේ Trailer එක කරන් ජොහාර් ගේ Kabhi Kushi
Kabhi Gham චිත්‍රපටිය
සම්ච්චලයට ලක් කරන බවට බොහෝ දෙනා පැවසුවාය. නමුත් මෙම චිත්‍රපටියේ රඟන රිතෙශ්
දේශ්මුක් පවසන්නේ තම චිත්‍රපටිය Kabhi Kushi
Kabhi Gham හි නොව තම
චිත්‍රපටියම සම්ච්චලයට ලක් කරන බවයි. ඔහුට අනුව මෙම චිත්‍රපටිය පවුලේ සැමට එක්ව
නැරඹිය හැකි චිත්‍රපටියක් නොවන හෙයින් මෙම
චිත්‍රපටිය පවුල් එක් කරන චිත්‍රපටියක් නොවන බවයි. ඔබත් මේ Trailer එක බලලා විනිශ්චය
කරන්න. (18+ Only )
Ek Tha Tiger හි Trailer එක Ishaqzaade සමඟ බලන්න.
Yash Raj Films හි නවතම චිත්‍රපටිය
Ishaqzaade මැයි 11 වෙනිදා නිකුත් වීමට සියල්ල සූදානම්ය. මෙම චිත්‍රපටියෙන්
බොලිවුඩයට පිවිසෙන අර්ජුන් කපූර් හා වලින් බොලිවුඩයට පිවිසි පරිනීති චොප්‍රා ට
අමතරව චිත්‍රපටියට පැමිනෙන ප්‍රේක්ශක සංඛ්‍යාව වැඩි කිරීමට සල්මාන් ඛාන් හා කට්‍රිනා
කයිෆ් රඟන Ek Tha Tiger චිත්‍රපටියේ Trailer එක සමඟ නිකුත් කිරීමට නියමිතයි. Ek Tha
Tiger මේ රාමසාන්
හීදී නිකුත් වීමට නියමිතයි.
Monday, April 9, 2012
'The 3 Mistakes Of My Life' රිදී තිරයට
අබිශේක් කපූර් විසින් අධ්‍යක්ශනය කිරීමට නියමිත ඉන්දීය නවකතා රචක චේතන් භගත් ගේ Best Seller එකක් වන 'The 3 Mistakes Of My Life' ඇසුරින් නිර්මානය කරන මේ චිත්‍රපටිය මේ මසදී රූපගත කිරීම ආරම්භ කිරීමට නියමිතයි. මෙහි රංගපාන්නේ කවුද කියා තවම හෙලි කල නැත. ඒත් මෙම චිත්‍රපටියේ නම ගුජරාති නමක් බව හි කතෘ චේතන් භගත් tweet කලාය.
ෂාරුක් ඛාන් Twitter අත්හැරලා ද?
මම ආයේමත් ෂාරුක් එක්ක රඟපාන්න ලැබෙන්න තරම් වාසනාවන්තයි : අනුශ්කා ශර්මා
අනුශ්කා ශර්මා , යශ් චොප්‍රාගේ නවතම චිත්‍රපටිය සඳහා ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් එක්වීමට නියමිතයි. ෂාරුක් සමඟ Rab Ne Bana Di Jodi චිත්‍රපටියෙන් බොලිවුඩය පිවිසි ඇය නැවතත් ෂාරුක් සමඟ වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව පවසයි. ඇය එසේ පැවසුවේ කාන්තා සෞඛ්‍ය සඟරාවක් එලිදක්වන මොහොතේදී මාධ්‍ය වලට පිලිතුරු දෙමිනුයි. ඇය තවදුරටත් පැවසුවේ එම චිත්‍රපටියේ අධ්‍යක්ශක යශ් චොප්‍රා සමඟ වැඩ කිරීමට ලැබීම රංගනය පිලිබද උගන්නන පාසලකට යනවා හා සමාන බවයි.
එම චිත්‍රපටියේ අනුශ්කාට අමතරව කත්‍රිනා කයිෆ් ද රංගනයෙන් එක්වේ.
- News and Photos : Courtesy Businessofcinema.com
Sunday, April 8, 2012
බොලිවුඩ් තරු නැවතත් IPL හි නර්තනයන්වල
ඊයේ පැවති IPL - Pune Warriors Vs Kings XI Punjab තරඟය පටන් ගන්න පෙර බොලිවුඩ් හි සුපිරි තාරකාවන් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් සතුටු කලා. මෙම නර්තන සඳහා ප්‍රියංකා චොප්‍රා , බිපාශා බාසු හා ප්‍රීටි සින්ටා යන නිලියන් එක් වුනා. මෙහිදී ඔවුන් සාම්ප්‍රදායක නැටුම් ඉදිරිපත් කල අතර මෙහි අරමුණ වූයේ ඊයේ එම තරඟය පැවති පූනේ සහරා ක්‍රිඩාංගනය සමාරම්භක තරඟ ආලෝකමත් කිරීමයි.
Photos courtesy : SKATARIA of http://www.fashioncirqle.com
Saturday, April 7, 2012
කේටී පෙරී , සචින් ටෙන්දුල්කාර් හා ප්‍රියංකා චොප්‍රා ගැන පැසසුම් වදන්
ජනප්‍රිය පොප් ගායිකා කේටී පෙරී පසුගිය 3වනදා චෙන්නායි හි පැවති IPL opening ceremony එකට එක්විය. ඇයට එහිදී බොලිවුඩ් තරු මෙන්ම ක්‍රිකට් තරුද මුන ගැසුනා. ඒ අතරින් සචින් ටෙන්දුල්කාර් හා ප්‍රියංකා චොප්‍රා විශේෂයි. ඇය මෙසේ තමන්ගේ සතුට Twitter හි ප්‍රකාශ කර තිබුනා.ඒ වගේම ඇය හා සචින් එකට සිටින Photo එකකුත් post කර තිබුනා
දිව්‍යා භාරතී ගේ ජීවිත කතාව රිදී තිරයට
වික්‍රම් සන්දු කියන ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ශක 1993 දී අභිරහස් ලෙස මිය ගිය බොලිවුඩ් නිලියකගේ ජීවත කතාවක් නිර්මානය කරන්නට සැරසේ. ඇත්තට එම කාලයෙදි එසේ මියගිය නිලිය වන්නේ ප්‍රකට නිලි දිව්‍යා භාරතී වේ. වික්‍රම් සන්දු දිව්‍යා ගේ නම නොකීවද ඇගේ ජීවිත කතාවටත් තමා ලියූ පිටපතත් අතර සමානකම් ඇති බව පිළි ගනී. දිව්‍යා භාරතී , ෂාරුක් ඛාන්ගේ මුල් චිත්‍රපටි දෙකේම රංගනයෙන් දායක වී ඇත. ඇය බොහෝ ජනප්‍රිය චිත්‍රපටි රැසක රඟපෑවද ඛේදනීය ලෙස හදිසියේම මෙලොවින් සමුගත්තාය. වික්‍රම් සන්දු මෙම චිත්‍රපටියේ දිව්‍යාගේ චරිතයට තවම කිසිවෙක් තෝරා නොගත්තද ඔහු පවසන පරිදි ජනප්‍රිය නිලියක් ඔහු මේ සඳහා තෝරාගන්නා බවයි.
- News : Courtesy TOI , Photos : Courtesy Wikipedia



































