Welcome to Bollywood in සිංහල!

අපේ වෙබ් අඩ්වියට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. බොලිවුඩ් සිනමාවේ සියලුම තතු හැකි තාක් දුරට සිංහලෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපේ අරමුණයි....

Don 2 (2011) Movie Review

2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන...Click to read more...

Agneepath(2012) Movie Review

1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ...Click to Read more...

මම ආයේමත් ෂාරුක් එක්ක රඟපාන්න ලැබෙන්න තරම් වාසනාවන්තයි : අනුශ්කා ශර්මා...

අනුශ්කා ශර්මා , යශ් චොප්‍රාගේ නවතම චිත්‍රපටිය සඳහා ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් එක්වීමට නියමිතයි. ෂාරුක් සමඟ Rab Ne Bana Di Jodi චිත්‍රපටියෙන් බොලිවුඩය පිවිසි ඇය නැවතත් ෂාරුක් සමඟ වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව පවසයි. ඇය එසේ පැවසුවේ ...Click to Read more....

Teri Meri Kahaani හි Trailer එක හා Poster එක නිකුත් වේ

හැමෝම බලාගෙන හිටපු කුනාල් කෝලි ගේ අලුත් ම චිත්‍රපටිය වන Teri Meri Kahaani හි Trailer එක හා Poster එක දැන් අන්තර්ජාලයට මුදාහැර ඇත. මෙහි ෂාහිඩ් කපූර් හා ප්‍රියංකා චොප්‍රා ...Click to Read more...

Sunday, April 8, 2012

Department චිත්‍රපටියේ Trailer එක හා Poster එක නිකුත් වේ


අධ්‍යක්ශක රාම් ගෝපාල් වර්මා ගේ අලුත්ම චිත්‍රපටිය Department වන හි Trailer එක හා Poster එක නිකුත් වී තිබේ. මෙහි රංගනයෙන් අමිතාබ් බච්චන් , සන්ජේ දත් හා රානා දගුපති දායක වෙයි. මෙය චිත්‍රපටියක් වන අතර මැයි 18 වනදා සිට ලෝ පුරා තිරගත වීම ආරම්බ වෙයි.

Poster:


Trailer:

Saturday, April 7, 2012

කේටී පෙරී , සචින් ටෙන්දුල්කාර් හා ප්‍රියංකා චොප්‍රා ගැන පැසසුම් වදන්


ජනප්‍රිය පොප් ගායිකා කේටී පෙරී පසුගිය 3වනදා චෙන්නායි හි පැවති IPL opening ceremony එකට එක්විය. ඇයට එහිදී බොලිවුඩ් තරු මෙන්ම ක්‍රිකට් තරුද මුන ගැසුනා. ඒ අතරින් සචින් ටෙන්දුල්කාර් හා ප්‍රියංකා චොප්‍රා විශේෂයි. ඇය මෙසේ තමන්ගේ සතුට Twitter හි ප්‍රකාශ කර තිබුනා.ඒ වගේම ඇය හා සචින් එකට සිටින Photo එකකුත් post කර තිබුනා



දිව්‍යා භාරතී ගේ ජීවිත කතාව රිදී තිරයට



වික්‍රම් සන්දු කියන ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ශක 1993 දී අභිරහස් ලෙස මිය ගිය බොලිවුඩ් නිලියකගේ ජීවත කතාවක් නිර්මානය කරන්නට සැරසේ. ඇත්තට එම කාලයෙදි එසේ මියගිය නිලිය වන්නේ ප්‍රකට නිලි දිව්‍යා භාරතී වේ. වික්‍රම් සන්දු දිව්‍යා ගේ නම නොකීවද ඇගේ ජීවිත කතාවටත් තමා ලියූ පිටපතත් අතර සමානකම් ඇති බව පිළි ගනී. දිව්‍යා භාරතී , ෂාරුක් ඛාන්ගේ මුල් චිත්‍රපටි දෙකේම රංගනයෙන් දායක වී ඇත. ඇය බොහෝ ජනප්‍රිය චිත්‍රපටි ‍රැසක රඟපෑවද ඛේදනීය ලෙස හදිසියේම මෙලොවින් සමුගත්තාය. වික්‍රම් සන්දු මෙම චිත්‍රපටියේ දිව්‍යාගේ චරිතයට තවම කිසිවෙක් ‍තෝරා නොගත්තද ඔහු පවසන පරිදි ජනප්‍රිය නිලියක් ඔහු මේ සඳහා ‍තෝරාගන්නා බවයි.

- News : Courtesy TOI , Photos : Courtesy Wikipedia

Thursday, April 5, 2012

Dangerous Ishhq (2012)


අධ්‍යක්ශනය : වික්‍රම් බට්
ඇගයීම :
රංගනය කරිශ්මා කපූර්, රාජ්නේශ් දුග්ගල්
Genre: Suspense Thriller  
Run time:
තිරගත වීම : 
මාධ්‍ය: 3D , 2D

කතාව කෙටියෙන්... 

රෝහන්(රාජ්නේශ් දුග්ගල්) , ඉන්දියාවේ ප්‍රධාන පෙලේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකි.ඔහු හා සන්ජනා (කරිශ්මා කපූර්) කියන ජනප්‍රිය නිරූපිකාව රටේ ඉතා ප්‍රසිද්ධ පෙම් යුවලක්ය. සන්ජනාට හදිසියේම නිරූපන අවස්තාවක් සඳහා ප්‍රංශයට යාමට සිදුවේ.ඒත් අවසාන මොහොතේදි ඇගේ මෙම ගමනට බාධා ඇතිවන්නේ ඇයට රෝහන්ව දාලා යන්න වන නිසාම නෙමේ. ඒ අභිරහස් අදිසි බලවේගයක් නිසාය. මේ අතරෙම රෝහන් ව කවුදෝ නාදුරන පිරිසක් පැහැර ගෙන යනවා. මෙම ආන්දෝලනාත්මක පැහැර ගැනීම නිසා සන්ජනාගේ ජීවිතය තවත් අවදානමට ලක්වෙනවා.මේ අතරේ රෝහන්ව පැහැර ගත් පිරිස කෝටි 50ක කප්පම් මුදලක් ඉල්ලා සිටියත් පොලීසිය විස්වාස කරන්නේ කප්පම් මුදල ගෙව්ව කියල රෝහන් ගෙ ජීවිතය ලැබෙන එකක් නැති බවයි. කාලය වේගයෙන් ගලා යයි. නවද සන්ජන අමුතු අත්දැකීමකට මුහන දෙනවා. ඒ ඇයට අතීත සිදුවීම් වගයක් දරශනය වෙයි. ඒ විවිධ කාල වලට අයත් ඇය හා රෝහන් සම්බන්ධ ඒවායි. මුලින් ඇය මේවා පිලි නොගත්තද එම අතීත සිදුවීම් මගින් ඇගේ ආදරය වන රෝහන්ව බේර ගන්න උදව් වන ඉඟි ලැබෙනවා. පසුව ඇය එම ඉඟි ඔස්සේ ඔහුව බේර ගන්න උත්සහ කරනවා. ඇගේ ඒ කතාව තමයි මේ Dangerous Ishhq එහෙම නැත්නම් අවදානම් සහිත ආදරය.

Trailer: 

Tezz (2012)


අධ්‍යක්ශනය ප්‍රියදර්ශන්
ඇගයීම :
රංගනය : අජේ දේව්ගන්, අනිල් කපූර්, කන්ගනා රනාවත් , සමීරා රෙඩ්ඩි, බෝමන් ඉරානි හා සයිඩ් ඛාන්
Genre:  Action Thriller
Run time:
තිරගත වීම : 

කතාව කෙටියෙන්... 

එක් පුද්ගලයෙක් තමන්ට අහිමි වූ දේ නැවත ලබා ගන්න ඉදිරියට ඇවිත් සිටිනවා, අනෙක් පුද්ගලයා ඔහුව නවත්වන්න නීතියේ නාමයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා. දෙදෙනාම තරඟ වදින්නේ එකිනෙකාට විරුද්ධවයි , කාලයට විරුද්ධවයි.

ජීවිත විශාල ගණනක් මේනිසා විනාශ වී ඇත. විනාශ වීමට නියමිතවද ඇත.ආකාශ් රානා (අජේ දේව්ගන්) හා ත්‍රස්ත විමර්ශන නිලධාරි අර්ජුන් ඛන්නා (අනිල් කපූර්)අතර පවතින මේ තරඟය නිසාය. මේ දෙදෙනාගෙන් එක් කෙනෙක්ට පමනයි ජය ගත හැකි වන්නේ. මෙය ත්‍රස්ත්වාඩය හා නීතිය අතර සටනකි.

Trailer : 

Wednesday, April 4, 2012

Agent Vinod (2012)


අධ්‍යක්ශනය : ශ්‍රි රාම් රාගවන්
නිශ්පාදනය: සයිෆ් අලී ඛාන්, දිනේශ් වෛජාන්
ඇගයීම : **1/2 (2 + 1/2)
රංගනය : සයිෆ් අලී ඛාන්, කරීනා කපූර්
Genre:  Action Spy Thriller
Run time: 2hrs 32 minutes 
තිරගත වීම : March 26 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි Ultra සිනමා හලේදී

කතාව කෙටියෙන්...
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ සේවය කල රාජ්න් නැමති ඔත්තු කරු මොස්කව් නුවරදි හදිසියේම තමන්ගේ අනන්‍යතාව එළිවීම නිසා මරණයට පත්වේ. මේ ගැන සහ රාජන් මරණයට පත්වීමට පෙර එවු 242 යන කේතය කුමක් දැයි සේවීම විනෝද් (සයිෆ් අලී ඛාන්) කියන ඒජන්තවරයා රුසියාවට යයි. මෙයින් ආරම්භ වූ මෙම මෙහයුම එජ්න්ට් විනොද් තමන් ගේ නම නිරන්තරයෙන් වෙනස් කරමින් විවිධ රටවලට ගමන් කරයි.මෙම චිත්‍රපටිය ජේම්ස් බොන්ඩ් ආකරයේ චිත්‍රපටියක් වේ. නමුත් මෙය සම්පුර්නයෙන්ම  අලුත් කතාවකි.

Trailer

Housefull 2 (2012)


අධ්‍යක්ශනය :   සජිත් ඛාන්
නිශ්පාදනය:  සජිත් නදියද්වාලා
ඇගයීම :** (2 Stars)
රංගනය : අක්ශේ කුමාර් , රිතේෂ් දේශ්මුක්,  අසින් , ජොන් එබ්‍රහම් , ජැකලින් ෆර්නැන්ඩස් , සරීන් ඛාන් , ශෙනාස් පද්මශ්‍රී, ශ්‍රෙයාස් තාල්පාඩේ ,  මිතුන් චක්‍රබොර්ති , රිශි කපූර් , රන්දීර් කපූර් හා බොමන් ඉරානි
Genre:  හින්දි කොමඩි චිත්‍රපටියකි.
Run time: 2 hours 25min
තිරගත වීම : April 6 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදී

කතාව කෙටියෙන්...


මෙහි කතාව අතිශය විනෝදජනක වෙයි. මෙය පියවරුන් හතර දෙනකු ගේත් , කසාද බඳින වයසේ සිටින දූ වරු හතර දෙනකු ගේත් , එම දූ වරු බඳින්න සිටින බෑනාවරු හතර දෙනකු ගේත් කතාවකි. හැම පියෙක්ටම ඕනේ තමන්ගේ දුව පෝසත්ම බෑනාට බන්දන්න. හැම දුවෙක්ටම ඕනේ  පෝසත්ම කෙනාව බඳින්න. හැම බෑනා කෙනෙක්ටම ඕනේ තමන් පෝසත්ම බෑනා බව පෙන්නන්න. මෙහි හැම චරිතයක්ම ඉතාම හාස්‍යජනක වෙයි. ඒ වගේම බෑනා වරු හතර දෙනාටම තියන්නේ එකම නම. මේ නිසා ඇතිවන සිද්ධි වටා මෙහි කතාව ගෙතී ඇත.
 මෙහි Trailer එක පහලින් බලන්න. .