Sunday, March 11, 2012

Agneepath (2012)


අධ්‍යක්ශනය :  කරන් මල්හෝත්‍රා
නිෂ්පාදනය: කරන් ජොහාර්
ඇගයීම : *** (3/5)
රංගනය : රිතික් රෝෂන්, ප්‍රියංකා චොප්‍රා , රිශි කපූර් , සන්ජේ දත්
Genre:  ක්‍රියාදාම

1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය  මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ ජනප්‍රිය නළු රිතික් රෝෂන් ය.

මෙය ප්‍රතිනිර්මාණයක් යැයි කීවද එදා චිත්‍රපටිය හා මෙදා චිත්‍රපටිය අතර විශාල වෙනසක් තිබේ.
ප්‍රධාන කතා වස්තුව , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා එකම වුවද , ප්‍රධාන කතා වස්තුවේ පසුබිමත් , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා ගේ ප්‍රතිරූපය සහමුලින්ම වෙනස්ය.මෙහි අලුතින්ම එකතුවූ චරිත වන්නේ කාලි (ප්‍රියංකා චොප්‍රා) හා රවුෆ් ලාලා (රිශි කපූර්) රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය කරන් මල්හෝත්‍රාගෙ කුළිඳුල් අධ්‍යක්ෂනයයි. මෙහි නිෂ්පාදක කරන් ජොහාර් විසින් නිෂ්පාදනය කල පලමු ක්‍රියාදාම චිත්‍රපටියයි.

මෙම චිත්‍රපටිය ඉන්දියාවෙදී පමනක් ඉන්දීය රුපියල් කෝටි 120 කට වඩා වැඩි ආදයමක් ඉපෙයුවාය.
මෙහි කතාව කෙටියන්ම කියනවානම් ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන්ගේ (රිතික් රෝෂන්) පියාව ඔහු කුඩා කලදී කන්චා (සන්ජේ දත්) නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දැවැන්ත මිනිසාගෙන් පලිගැනීමට යන කතාවයි.






0 comments:

Post a Comment