Welcome to Bollywood in සිංහල!

අපේ වෙබ් අඩ්වියට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. බොලිවුඩ් සිනමාවේ සියලුම තතු හැකි තාක් දුරට සිංහලෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපේ අරමුණයි....

Don 2 (2011) Movie Review

2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන...Click to read more...

Agneepath(2012) Movie Review

1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ...Click to Read more...

මම ආයේමත් ෂාරුක් එක්ක රඟපාන්න ලැබෙන්න තරම් වාසනාවන්තයි : අනුශ්කා ශර්මා...

අනුශ්කා ශර්මා , යශ් චොප්‍රාගේ නවතම චිත්‍රපටිය සඳහා ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් එක්වීමට නියමිතයි. ෂාරුක් සමඟ Rab Ne Bana Di Jodi චිත්‍රපටියෙන් බොලිවුඩය පිවිසි ඇය නැවතත් ෂාරුක් සමඟ වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව පවසයි. ඇය එසේ පැවසුවේ ...Click to Read more....

Teri Meri Kahaani හි Trailer එක හා Poster එක නිකුත් වේ

හැමෝම බලාගෙන හිටපු කුනාල් කෝලි ගේ අලුත් ම චිත්‍රපටිය වන Teri Meri Kahaani හි Trailer එක හා Poster එක දැන් අන්තර්ජාලයට මුදාහැර ඇත. මෙහි ෂාහිඩ් කපූර් හා ප්‍රියංකා චොප්‍රා ...Click to Read more...

Tuesday, March 13, 2012

Kahaani (2012)


අධ්‍යක්ශනය :  සුජොයි ගෝෂ්
ඇගයීම : **** (4/5)
රංගනය : විද්‍යා බාලන්
Genre:  ත්‍රාසයජනක වෘතාන්තයක් / Suspense Thriller
Run time:  පැය 1 මිනිත්තු 55
තිරගත වීම : මාර්තු 9 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදී

කතාව කෙටියෙන්...
විද්‍යා බාග්චි , කියන්නේ ලස්සන , බුද්ධිමත් , නවීන පන්නයේ සත් මස් ගැබිනි කාන්තාවකි. ඇය සංවේදි තත්වයක සිටියද ඇය ලන්ඩනයේ සිට කොල්කටාවට ආවේ ඇගේ අතුරුදහන් වූ සැමියා සොයා ගන්නයි.
අර්නාබ් බාග්චි , ඇගේ සැමියා , විද්‍යාට අනුව ඇයට ජීවිත් වීමේ එකම අරමුණ වේ. ඔහු කොල්කටාවට ආවේ මෘදුකාංග පිලිබඳ ව්‍යාපෘතියක් සඳහාය. ඒ කොල්කටාවේ පිහිටි ජාතික දත්ත මධ්‍යස්ථානයටයි.

 ඔහුගේ පැමිනීමෙන් සති දෙකකට පසු ඔහු හා විද්‍යා අතර සබඳතා ඇණ හිට තිබෙනවා. මින් කැළඹීමට පත් විද්‍යා ලන්ඩනයේ සිට කොල්කටාවට ආ විගසම යන්නේ පොලිස් ස්ථානයටයි. එහි ඇය තම සැමියාගේ අතුරුදහන් වීම ගැන පැමිනිලි කරයි. පසුව ඇය රානා කියන පොලිස් නිලධාරියා සමඟ ඇයගේ සැමියා නතර වී සිටි හෝටලය සොයා යයි. නමුත් එහි ගිය පසු ඇයට හා රානාට දක්නට ලැබෙන්නේ ඉතා අඩු පහසුකම් ඇති නවාතැන් පලකි. ඇය එහි කලමණාකරුගෙන් ඇගේ සැමියා ගැන විමසූ විට ඔහු තරයේ පවසන්නේ එහෙම කෙනෙක් මෙහි නැවතී නොසිටි බවයි.

 පසුදා ඇය  ජාතික දත්ත මධ්‍යස්ථානයට ගිය විට එහි නිලධාරිනියක් වන ඇග්නස් අර්නාබ් නැමති පුද්ගලයෙක් එහි පැමිණ නැති බව පවසයි. තවදා රානා ද ගුවන් තො‍ටුපලහි දත්ත පිරික්සා බැලූ විට අර්නාබ් බාග්චි කියා කෙනෙක් ලන්ඩනයෙන් පිටවී හෝ කොල්කටාවට පැමින හෝ නැති බවයි.

එසේ නම් විද්‍යා ගේ සැමියා කොහේද? ඔහුට කුමක් වී ඇතිද? විද්‍යාට කොල්කටාවේ දුර්ගා පුජා උත්සව මධ්‍යයේ ඔහුව සොයා ගැනීමට හැකිවේවිද? නැතිනම් අර්නාබ් බාග්චි යනු විද්‍යාගේ මනසේ සිටින කෙනෙක්ද?

මේ සියල්ලට පිලිතුරු චිත්‍රපටිය නරඹාම පිලිතුරු සොයා ගන්න.

Trailer එක මෙතනින් බලන්න.


Sunday, March 11, 2012

Agneepath (2012)


අධ්‍යක්ශනය :  කරන් මල්හෝත්‍රා
නිෂ්පාදනය: කරන් ජොහාර්
ඇගයීම : *** (3/5)
රංගනය : රිතික් රෝෂන්, ප්‍රියංකා චොප්‍රා , රිශි කපූර් , සන්ජේ දත්
Genre:  ක්‍රියාදාම

1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය  මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ ජනප්‍රිය නළු රිතික් රෝෂන් ය.

මෙය ප්‍රතිනිර්මාණයක් යැයි කීවද එදා චිත්‍රපටිය හා මෙදා චිත්‍රපටිය අතර විශාල වෙනසක් තිබේ.
ප්‍රධාන කතා වස්තුව , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා එකම වුවද , ප්‍රධාන කතා වස්තුවේ පසුබිමත් , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා ගේ ප්‍රතිරූපය සහමුලින්ම වෙනස්ය.මෙහි අලුතින්ම එකතුවූ චරිත වන්නේ කාලි (ප්‍රියංකා චොප්‍රා) හා රවුෆ් ලාලා (රිශි කපූර්) රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය කරන් මල්හෝත්‍රාගෙ කුළිඳුල් අධ්‍යක්ෂනයයි. මෙහි නිෂ්පාදක කරන් ජොහාර් විසින් නිෂ්පාදනය කල පලමු ක්‍රියාදාම චිත්‍රපටියයි.

මෙම චිත්‍රපටිය ඉන්දියාවෙදී පමනක් ඉන්දීය රුපියල් කෝටි 120 කට වඩා වැඩි ආදයමක් ඉපෙයුවාය.
මෙහි කතාව කෙටියන්ම කියනවානම් ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන්ගේ (රිතික් රෝෂන්) පියාව ඔහු කුඩා කලදී කන්චා (සන්ජේ දත්) නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දැවැන්ත මිනිසාගෙන් පලිගැනීමට යන කතාවයි.






Don2 (2011)



අධ්‍යක්ශනය :  ෆර්හාන් අක්තාර්
ඇගයීම : *** (3/5)
රංගනය : ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්‍රා, ලාරා දත්තා , කුනාල් කපූර්
Genre:  Action
Run time:  පැය 2 මිනිත්තු 20


2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. ඩොන් චිත්‍රපටිය නරඹපු හැමෝම මෙහි චරිත අඳුරනවා ඇතිනේ.

ඩොන්2 චිත්‍රපටියට අලුතෙන්ම එකතු වූ නළු නිලියන් වන්නේ ලාරා දත්තා , කුනාල් කපූර් හා තවත් ඉන්දීය හා ජර්මානු රංගන ශිල්පීන්ය. මෙයද ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ශනයකි. නිෂ්පාදනය එක්සෙල් එන්ටටෙන්මන්ට් විසිනි.

මෙම චිත්‍රපටියේ මූලිකවම පෙන්වන්නේ ඩොන් ගේ ආධිපත්‍ය ආසියාවේ සිට යුරෝපයට පැතිරීම හා ඩොන් සමඟ රෝමා (දැන් ඇය පොලිස් නිලධාරිනියක්) ගේ ආදර කතාවයි.



Zindagi Naa Milengi Dobara (2011)



අධ්‍යක්ශනය :  Zoya Akthar (Farhan Aktar ගෙ වැඩිමහල් සොහොයුරිය)
ඇගයීම : **** (4/5)
රංගනය :  Hrithik Roshan , Abhay Deol, Farhan Akhtar ,Katrina Kaif, Kalki Koechlin, Ariadna Cabrol
Genre:  Drama 

මේ චිත්‍රපටියේ නමේ තෙරුම ජීවිතය දෙපාරක් ලැබෙන්නෙ නෑ කියන එකයි . මේක ඇත්තද ? ආගම් හෝ දර්ශණ අනුව බලන කොට නම් එක ඇත්ත නෙමේ. එත් මේ චිත්‍රපටියෙන් කියන්නෙ ජීවිතයේ අපට ලැබෙන සමහර අවස්ථාවන් මගහරින්න එපා කියලා. එම අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. ජීවිතය ජීවත් වෙන හැටි මෙන්ම ජීවිතය විඳින්න කියල දෙන ලස්සන චිත්‍රපටියකි .


මෙම චිත්‍රපටියෙ කතාව කෙටියන් කියනවානම් අර්ජුන් , කබීර් , ඉම්රාන් යන මිතුරන් තිදෙනා Spain වලට යන චාරිකාවදි හමුවන පුද්ගලයන් , ලැබෙන අත්දැකීම් හා ඔවුනොවුන් අතර ඇතිවන මත ගැ‍ටුම් අනුව ඔවුන්ගෙ ජීවිතවල වෙනසක් ඇතිවේ. මෙහි වැඩි කොටසක් රූගත කර ඇත්තේ Spain වල වන අතර මෙම චිත්‍රපටියෙ පසුතල දර්ශන නෙත් ඇද ගන්නාසුලු වේ. මට පුද්ගලිකවම මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව Spain හා Spanish භාශාව ගැන විශාල උනන්දුවක් ඇති වුනා .
 මේ චිත්‍රපටිය අනෙක් බොලිවූඩ් චිත්‍රපටි වලට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටියක්.

Wednesday, February 29, 2012

BollywoodSL site Favicon




Friday, October 14, 2011

Rockstar (රොක් සංගීත තරුව)

අධ්‍යක්ශනය :  ඉමිටියාස් අලි
ඇගයීම : *** (3/5)
රංගනය : රන්බිර් කපූර් , නර්ගිස් ෆක්‍රි
Genre:  Romantic Drama

සුපිරි තරුවක් වෙන්න පුලුවන් ලස්සන, ඇහට කනට පේන කොල්ලොන්ට විතරද?
සාමාන්‍ය , සමාජේ කියන විදියට මෝඩ පෙනුමක් තියෙන කොල්ලෙක්ට මුලු ලෝකෙම ආදරේ කරන සුපිරි තරුවක් වෙන්න පුලුවන්ද?

මෙහි කතාව කෙටියෙන් මෙලෙස කියන්නම්.


 ජනර්ධන් ඉන්දියාවේ දිල්ලියේ හැදුනු වැඩුනු මධ්‍යම පාන්තික තරුණයෙකි.ඔහුගේ ජීවිතයේ එකම හීනය ජිම් මොරිසන් මෙන් රොක්ස්ටාර් කෙනෙකු වීමයි.නමුත් ඔහුගේ ගායනයට නිතරම ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අවමන් පමණි.අවසානයේ ඔහුට කලයුතු දේ සිතාගත නොහැකිව යනවා.ඔහු උස්තාද් ජමීල් ඛාන් (ශම්මි කපූර්) යන ගායකයාගේ ඇසුර ලබන අතර සෑම සංගීත තරුවක්ම සතු පොදු ලක්ෂණය හඳුනා ගනියි. ඒ ඔවුන් සියල්ලන්ගේම සාර්තකත්වය පි‍ටුපස දුක්බර කතාවක් තිබීමයි.නමුත් ජනර්ධන් හට දුක්බර ජීවිතයකට යොමු වීමට කිසිදු හේතුවක් තිබුනේ නැත.එම නිසා ඔහු ඔහුගේ ජීවිතයට, ආත්මයට තමන් විසින්ම වධ හිංසා පමුණුවා ගැනීමට සිතා ගනී.මේ සඳහා හීර් කෝර්( නර්ගිස් ෆක්‍රි ) ව යොදා ගනී.  හීර් කෝර් ඔහු ඉගනුම ලබන විද්‍යාලයේ අතිශය ජනප්‍රිය සිසුවියකි.ඇය ලස්සනයි, දක්ෂයි, මාන්නධිකයි,පොහොසත්. ඒ වගේම බොහෝ දෙනෙකුගේ හදවත් බිඳ දමා ඇත.මේ නිසාම ජනර්ධන් හීර් ලවා තමාගේ හදවත බිඳ දමා ගැනීමට සූදානම් වේ.තමාගේ හදවත වේදනාවට ලක් කර ගැනීමේ අරමුනින් ඔහු හීර් ගේ ආදරය පතනවා.

රොක්ස්ටාර් යනු, ජනර්ධන් ජෝඩන් වීමේ කතාවයි.ඔහු ජොඩන් බවට පත් වන්නේ දුක් කම් කටොලු වධ වේදනා මැදය.සරල සාමාන්‍ය ජීවිතයක සිට හිංසා වේදනා වලට බඳුන් වුනු ආත්මයක් ආරූඩ කරගැනීමේ කතාවයි.ඔහු අවසානයේ තම හදවත කුඩා කල සිට ආශා කල අරමුණ ඉ‍ටු කර ගනී.එහෙත් එම අරමුණ මුදුන් පත් කර ගැනීමට ඔහු තම හදවතම සිඳ බිඳ දමයි.


රොක්ස්ටාර් සියලු බොලිවූඩ් රසිකයන්ට ඉතා වැදගත් වීමට තව ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
එකක් තමයි ශම්මි කපූර් කියන පසුගියද අප අතරින් වියෝවුනු බොලිවුඩයේ සද්දන්ත නළුවා අවසන් වරට මෙහි රඟපා තිබීමත් බොලිවූඩයේ මහා සංගීතවේදියා වන ඒ.ආර්. රහමාන් විසින් සංගීත අධ්‍යක්ශනය කර තිබීමත්ය.


Tuesday, October 4, 2011

Mausam (ඍතු)


අධ්‍යක්ශනය :  ෂාහිඩ් කපූර් ගේ පියා වන පන්කජ් කපූර්
ඇගයීම : *** (3/5)
රංගනය : ෂාහිඩ් කපූර්, සෝනම් කපූර්
Genre:  Romantic Drama


මෙම චිත්‍රපටිය කාලෙකින් දකින්න ලැබුනු ආදර කතාවකි. මෙම චිත්‍රපටිය මුලිකවම ගෙතෙන්නේ Harinder Singh හෙවත් Harry යන පන්ජාබි තරුණයා හා Aayath යන කාශ්මීරි තරුණිය වටාය.මෙහි මොවුන් දෙදෙනාගේ ජීවිතයේ වසර 10ක් තුල සිදුවන ලංවීම්, වෙන්වීම් මෙන්ම බාහිර ලෝකයෙන් ඔවුන්ට එල්ල වන අභියෝග පිලිබඳව වඩා නාට්‍යමය අන්දමින් පෙන්වයි.

මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ ජනප්‍රිය නලු ෂාහිඩ් කපූර් හා විලාසිතා ‍රැජින ලෙස ප්‍රකට සෝනම් කපූර් වේ.මෙම චිත්‍රපටිය ෂාහිඩ් කපූර් ගේ පියා වන පන්කජ් කපූර් ගෙ කුළිඳුල් චිත්‍රපටිය වේ.
මෙහි සංගීතය ප්‍රීතම් විසින් නිර්මානය කරන ලද අතර මෙහි "රබ්බා" හා "සජ් ධජ් කෙ" යන ගීත ඉතා ජනප්‍රිය විය.
ෂාහිඩ් හා සෝනම් කපූර් ට අමතරව අනුපම් ක්හෙර්, සුප්‍රියා පතක් , අදිති ෂර්මා මෙහි රංගනයෙන් දායක වේ..ඉන්දියාවේ හා ස්කොට්ලන්තයේ රූපගත කරන ලැබූ අතර මෙහි රූප අතිවිශිශ්ට ලෙස කාච ගත කොට ඇත.