Welcome to Bollywood in සිංහල!

අපේ වෙබ් අඩ්වියට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. බොලිවුඩ් සිනමාවේ සියලුම තතු හැකි තාක් දුරට සිංහලෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපේ අරමුණයි....

Don 2 (2011) Movie Review

2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන...Click to read more...

Agneepath(2012) Movie Review

1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ...Click to Read more...

මම ආයේමත් ෂාරුක් එක්ක රඟපාන්න ලැබෙන්න තරම් වාසනාවන්තයි : අනුශ්කා ශර්මා...

අනුශ්කා ශර්මා , යශ් චොප්‍රාගේ නවතම චිත්‍රපටිය සඳහා ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් එක්වීමට නියමිතයි. ෂාරුක් සමඟ Rab Ne Bana Di Jodi චිත්‍රපටියෙන් බොලිවුඩය පිවිසි ඇය නැවතත් ෂාරුක් සමඟ වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව පවසයි. ඇය එසේ පැවසුවේ ...Click to Read more....

Teri Meri Kahaani හි Trailer එක හා Poster එක නිකුත් වේ

හැමෝම බලාගෙන හිටපු කුනාල් කෝලි ගේ අලුත් ම චිත්‍රපටිය වන Teri Meri Kahaani හි Trailer එක හා Poster එක දැන් අන්තර්ජාලයට මුදාහැර ඇත. මෙහි ෂාහිඩ් කපූර් හා ප්‍රියංකා චොප්‍රා ...Click to Read more...

Friday, April 13, 2012

Dangerous Ishhq චිත්‍රපටියේ දෙවන ගීතය නිකුත් වේ

Dangerous Ishhq චිත්‍රපටියේ දෙවන ගීතය නිකුත් වී තිබේ. එය ගායනා කරන්නේ හිමේශ් රෙශ්ම්මියා විසිනි. මෙහි විස්තර මෙතනින් බලන්න. ගීතය පහලින් බලන්න.

Department චිත්‍රපටියේ පලමු ගීතය නිකුත් වේ

Department චිත්‍රපටියේ පලමු ගීතය නිකුත් වී තිබේ. මෙහි විස්තර මෙතනින් බලන්න. ගීතය පහලින් බලන්න.

ෂාරුක් ඛාන්ව නැවතත් ඇමරිකාවේ ගුවන් තො‍ටුපලේදී රඳවාගෙන


ෂාරුක් ඛාන්ව ඇමරිකාවේ නිව් යෝක් ගුවන් තො‍ටුපලේදී පැය 3කට  රඳවාගෙන තිබේ. ඒ ඊයේ ඔහු පුද්ගලික යානයකින් ඇමරිකාවට ගියවිටය. යේල් විශ්ව විද්‍යාලයෙන් පිරිනමන උසස්ම සාමාජිකත්වය ලැබූ ඔහු එහි දේශනයකට යාමේදී සිදුවී තිබේ. මෙලෙස ඔහුට මේ ඇබැද්දියට මුහුණ දෙන්න සිදු වූයේ පලමු වතාවට නෙමෙයි. 2010 දීත් මෙවැනිම සිද්ධියකට ඔහු මුහුණ දුන්නාය. ඒ ත් ඇමරිකාවෙදීය.





Image Courtesy : @SRK_fc   

ෂාරුක් ඛාන් ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ආරධිත දේශනයක


ෂාරුක් ඛාන් හට ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් ලැබුනු ආරාධනාවක් අනුව ඔහු ඊයේ ඔහු දේශනයක් පැවත්වූවාය. මෙහිදී ඔහුට විශ්ව විද්‍යාලයෙන් පිරිනමන උසස්ම සාමාජිකත්වය පිරිනැමුවාය.ඔහු මෙහිදී දේශනය පැවත්වූයේ මානුශිකත්වය කලාව තුලින් සොයා යෑම ගැනයි. ඔහුගේ දේශනය කොටස් 3 කින් පහත දැක්වේ. 











Image Courtesy : @SRK_fc   Video Courtesy : @TheSRKFC 

Wednesday, April 11, 2012

Zanjeer ප්‍රතිනිර්මාණයට සූදානම්


අපූර්ව ලාකියා අධ්‍යක්ශනය කරන්න නියමිත 1973 තිරගත වූ Zanjeer චිත්‍රපටියහි Remake සඳහා එහි cast එක ‍තෝරාගෙන අවසන් ය. එදා අමිතාබ් බච්චන් හා ජයා බච්චන් රංගනයේ යෙදුන Zanjeer චිත්‍රපටියේ මෙදා තෙලඟු චිත්‍රපට නළු රාම් චරන් තේජා හා ප්‍රියංකා චොප්‍රා රංගනයේ යෙදීමට නියමිතයි. මොවුන් දෙදෙනාට අමතරව අර්ජුන් රාම්පාල්, මහි ගිල් හා ප්‍රකාශ් රාජ් මෙම චිත්‍රපටියට දායක වෙයි.

රානි මුකර්ජීත් Item Number කරන්නට යයි.


රානි මුකර්ජී මෙම නර්තනය කරන්න යන්නේ ඇගේ නිකුත් වෙන්න නියමිත "Aiyya" චිත්‍රපටිය වෙනුවෙනි. ඇයද දැන් කැට්‍රිනා කයිෆ් , කරීනා කපූර් හා විද්‍යා බාලන් ගේ පාරේ යමින් මෙම Item Song එක Hit එකක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙම චිත්‍රපටියට රානි සමඟ දමිල නලු ප්‍රිතිවිරාජ් ද රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය දමිල තරුණයකු සමඟ ආදරයෙන් බැ‍ඳෙන මරාති තරුණියක් වටා ගෙතෙයි.

තමන් හා ෂාරුක් පෙර ලෙසම මිතුරන්ය : අර්ජුන් රාම්පාල්


බොලිවුඩයේ බොහෝ දෙනා කතා කරපු දෙයක් තමයි අර්ජුන් රාම්පාල් හා ෂාරුක් ඛාන් අතර මිතුරුකම පළුදු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය මෙසේ කීවේ ෂාරුක් , ළඟදී අර්ජුන් විසින් පවත්වපු සාද වලට පැමින නොසිටීමයි. ඒත් මේ සියල්ලට උත්තර දෙමින් අර්ජුන් හින්දුස්තාන් ටයිම්ස් පත්තරේට ලිපියක් ලියා තිබේ. එයින් ඔහු තරයේම පවසා ඇත්තේ මෙය මාධ්‍ය වලින් ගොතපු කතාවක් මිසක් ඇත්තක් නොවන බවයි.

මේ ඒ ලිපියයි :


ප්‍රියංකා හා කේටි පෙරී ගේ හිතවත් කම

පසුගිය සඳහා පැමිනි කේටි පෙරී හා ප්‍රියංකා චොප්‍රා හිතවත් වූ අයුරු පෙන්වන ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබේ. 
ප්‍රියංකා හා කේටි පෙරී Tuk Tuk සවාරියක් යමින්: 



ප්‍රියංකා හා කේටි පෙරී Shopping කරමින්



ප්‍රියංකා හා කේටි පෙරී ආහාර ගනිමින්

 කේටි පෙරී ඇගේ ඉන්දීයාවට පැමිනීමට සැලකීමක් ලෙස Twitter හි මේ video එක tweet කර තිබුනි. එහි තිබුනේ California Girl  හි Bollywood Remix video එකක්ය



Photo courtesy : Billboard.com

ෂාරුක්ට ෆාරා ඛාන් වෙනුවෙන් දින නෑ


ෂාරුක් හා ෆාරා තමන්ගේ පළුදු වූ යාලුකම නැවත ඇතිකරගත්තත් ඇගේ චිත්‍රපටිය වන Happy New Year සඳහා ෂාරුක් ට දින වෙන් කිරීමට නොහැකිව පවතී. ෂාරුක් යශ් චොප්‍රාගේ චිත්‍රපටිය හා රොහිත් ශෙට්ටි ගේ Chennai Express වලින් පසුව Happy New Year රූගත කිරීමට නියමිතව තිබුනද තමන්ගේ කුඩා කාලයේ මිතුරෙක් වන අනිල් සිනියර් ගේ චිත්‍රපටිය වන ABCD සඳහාද කැමැත්ත පල කර තිබේ. ඒනිසා ෆාරාට 2013 අග වන තෙක් බලාගෙන ඉන්න සිදුවෙවි.

Tuesday, April 10, 2012

Krrish 3 වැඩිහිටියන්ටයි


Krrish චිත්‍රපටි මාලාවේ 3 වන චිත්‍රපටිය ලෙස නිකුත් වීමට නියමිත Krrish 3 චිත්‍රපටිය කලින් චිත්‍රපටි වන Koi Mil Gaya හා Krrish මෙන් ළමයින් මූලික කර ගෙන නිර්මාණය කරන්නක් නොවන බව එහි අධ්‍යක්ශක රාකේශ් රෝශන් පවසයි. මෙහි මූලිකව Action Scenes සදහා වැඩි අවදානයක් යොමු කර ඇති බව ඔහු පවසයි. Krrish 3 චිත්‍රපටියේ රිතික් රෝශන් , ප්‍රියංකා චොප්‍රා , කන්ගනා රනාවුත්, විවේක් ඔබරෝයි රංගනයෙන් දායක වෙයි.

Kya Super Kool Hai Hum චිත්‍රපටිය Kabhi Kushi Kabhi Gham සමච්චලයට ලක් කරන්නේ නෑ : රිතෙශ් දේශ්මුක්


පසුගියදා නිකුත් වූ Kya Super Kool Hai Hum චිත්‍රපටියේ Trailer එක කරන් ජොහාර් ගේ Kabhi Kushi Kabhi Gham චිත්‍රපටිය සම්ච්චලයට ලක් කරන බවට බොහෝ දෙනා පැවසුවාය. නමුත් මෙම චිත්‍රපටියේ රඟන රිතෙශ් දේශ්මුක්  පවසන්නේ තම චිත්‍රපටිය Kabhi Kushi Kabhi Gham හි නොව තම චිත්‍රපටියම සම්ච්චලයට ලක් කරන බවයි. ඔහුට අනුව මෙම චිත්‍රපටිය පවුලේ සැමට එක්ව නැරඹිය හැකි  චිත්‍රපටියක් නොවන හෙයින් මෙම චිත්‍රපටිය පවුල් එක් කරන චිත්‍රපටියක් නොවන බවයි. ඔබත් මේ Trailer එක බලලා විනිශ්චය කරන්න. (18+ Only )


Ek Tha Tiger හි Trailer එක Ishaqzaade සමඟ බලන්න.



Yash Raj Films හි නවතම චිත්‍රපටිය  Ishaqzaade මැයි 11 වෙනිදා නිකුත් වීමට සියල්ල සූදානම්ය. මෙම චිත්‍රපටියෙන් බොලිවුඩයට පිවිසෙන අර්ජුන් කපූර් හා වලින් බොලිවුඩයට පිවිසි පරිනීති චොප්‍රා ට අමතරව චිත්‍රපටියට පැමිනෙන ප්‍රේක්ශක සංඛ්‍යාව වැඩි කිරීමට සල්මාන් ඛාන් හා කට්‍රිනා කයිෆ් රඟන Ek Tha Tiger  චිත්‍රපටියේ Trailer එක සමඟ නිකුත් කිරීමට නියමිතයි. Ek Tha Tiger මේ රාමසාන් හීදී නිකුත් වීමට නියමිතයි.

Monday, April 9, 2012

'The 3 Mistakes Of My Life' රිදී තිරයට


අබිශේක් කපූර් විසින් අධ්‍යක්ශනය කිරීමට නියමිත ඉන්දීය නවකතා රචක චේතන් භගත් ගේ Best Seller එකක් වන 'The 3 Mistakes Of My Life' ඇසුරින් නිර්මානය කරන මේ චිත්‍රපටිය මේ මසදී රූපගත කිරීම ආරම්භ කිරීමට නියමිතයි. මෙහි රංගපාන්නේ කවුද කියා තවම හෙලි කල නැත. ඒත් මෙම චිත්‍රපටියේ නම ගුජරාති නමක් බව හි කතෘ චේතන් භගත් tweet කලාය.

ජෝන් ඒබ්‍රහම් හා ෂාරුක් ඛාන් එකම චිත්‍රපටියේ ?


ෆාරා ඛාන් අධ්‍යක්ශනය කරන "Happy New Year" චිත්‍රපටියේ ෂාරුක් ඛාන් ට අමතරව ජෝන් ඒබ්‍රහම්වද එක් කරගෙන ඇතැයි වාර්තා පලවෙයි. මෙම චිත්‍රපටියට නිලියක් තාම ‍තෝරාගෙන නැතත් ඒ සඳහා විද්‍යා බාලන් ට ආරධානා කර ඇති බවට ඇතම් වාර්තා පල කරයි.

ෂාරුක් ඛාන් Twitter අත්හැරලා ද?

 ෂාරුක් ඛාන් පසුගිය දිනක පැවති සම්මුක සාකච්ඡාවක පවසා ඇත්තේ තමන් Twitter හි නිශ්ශබ්ද වී ඇති බවයි. මේ ගැන ඔහුගේ මිලියන 2කට අධික ට්විට්ර් ලා කනස්සල්ලෙන් පසුවේ. ෂාරුක් මාර්තු මස 22 සිට තවමත් කිසිදු  Tweet එකක් කර නැත.

Ishaqzaade හි ගීතයක් නිකුත් වේ.

 ඊයේ අන්ත්ර්ජාලයට මැයි 11වනදා නිකුත් වීමට නියමිත Yashraj Films නිශ්පාදනය කරන Ishaqzaade හි "පරිශාන්" කියන ගීතය නිකුත් විය. මෙහි රංගනයෙන් අර්ජුන් කපූර් හා පරිනීති චොප්‍රා එක්වෙයි. අර්ජුන් ප්‍රකට චිත්‍රපටි නිශ්පාදක බොනී කපූර් ගේ පුතා වන අතර අනිල් කපූර් අර්ජුන්ගේ බාප්පා වේ. තවද ඔහු සොනම් කපූර් ගේ ඥාති සහෝදරයෙකුද වෙයි. එමෙන්ම පරිනීති ප්‍රියංකා චොප්‍රා ගේ ඥාති සොහොයුරිය වෙයි. අර්ජුන් ගේ කුළුදුල් චිත්‍රපටිය වන මෙහි Trailer හා එක් ගීතයක් මීට පෙර නිකුත් වී තිබුනා . ඒවා පහතින් බලන්න.

"පරිශාන්" ගීතය


මීට පෙර නිකුත් වූ "ආෆ් ‍තෝකො පරින්දේ" ගීතය


Trailer එක

මම ආයේමත් ෂාරුක් එක්ක රඟපාන්න ලැබෙන්න තරම් වාසනාවන්තයි : අනුශ්කා ශර්මා


අනුශ්කා ශර්මා , යශ් චොප්‍රාගේ නවතම චිත්‍රපටිය සඳහා ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් එක්වීමට නියමිතයි. ෂාරුක් සමඟ Rab Ne Bana Di Jodi  චිත්‍රපටියෙන් බොලිවුඩය පිවිසි ඇය නැවතත් ෂාරුක් සමඟ වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව පවසයි. ඇය එසේ පැවසුවේ කාන්තා සෞඛ්‍ය සඟරාවක් එලිදක්වන මොහොතේදී මාධ්‍ය වලට පිලිතුරු දෙමිනුයි. ඇය තවදුරටත් පැවසුවේ එම චිත්‍රපටියේ අධ්‍යක්ශක යශ් චොප්‍රා සමඟ වැඩ කිරීමට ලැබීම රංගනය පිලිබද උගන්නන පාසලකට යනවා හා සමාන බවයි.
එම චිත්‍රපටියේ අනුශ්කාට අමතරව කත්‍රිනා කයිෆ් ද රංගනයෙන් එක්වේ.

- News and Photos : Courtesy Businessofcinema.com







Sunday, April 8, 2012

බොලිවුඩ් තරු නැවතත් IPL හි නර්තනයන්වල

ඊයේ පැවති IPL - Pune Warriors Vs Kings XI Punjab තරඟය පටන් ගන්න පෙර බොලිවුඩ් හි සුපිරි තාරකාවන් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් සතු‍ටු කලා. මෙම නර්තන සඳහා ප්‍රියංකා චොප්‍රා , බිපාශා බාසු හා ප්‍රීටි සින්ටා යන නිලියන් එක් වුනා. මෙහිදී ඔවුන් සාම්ප්‍රදායක නැ‍ටුම් ඉදිරිපත් කල අතර මෙහි අරමුණ වූයේ ඊයේ එම තරඟය පැවති පූනේ සහරා ක්‍රිඩාංගනය සමාරම්භක තරඟ ආලෝකමත් කිරීමයි.





Photos courtesy :  of http://www.fashioncirqle.com 

ප්‍රියංකා හා කරන් ප්‍රසිද්ධියේ වාදයක ?


පසුගිය අඟහරුවාදා දිනයක ‍බොලිවුඩයේ සඟරාවකට පැමිණි නම සඳහන් නොකල ප්‍රියන්කා චෝප්රා ‍ගේ මිතුරෙක්/මිතුරියක්, බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන්ද රිතික් රෝෂන් ගේ බිරිද වන සුසාන් රෝෂන් වගේම බොලිවුඩයේ ඉතා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වගේම නිෂ්පාදකයෙක් වෙන කරන් ජොහාර්වද විවේඡනය කරල තියනවා.

කෙසේ වෙතත් ඔහු ‍මේ තුන්දෙනාමයි කියමින් විවේඡනය කරේ නැති උනත් බොලිවුඩ් පුරයේ හැමෝටම පැහැදිලිව පෙනිලා තියනවා මේ අය ගැන තමයි මෙහෙම විවේඡනය කරල තියෙන්නෙ කියලා. කොහොම හරි එම ලිපියට අනුව නම් පසුගිය මාස කිහිපයකට කලින් ඔපෙරා වින්ෆ්‍රිගේ ඉන්දියා සංචාරය අතර තුරදී ඇය වෙනුවෙන් සංවිධානය කරපු සාදයේදී වගේම සුපිරි තරු ශාරුක් ඛාන් ගේ නිවසේ පැවති  රාමසාන් උත්සවේට ආපු ප්‍රියංකාව කවුරුවත් වැඩිය ගනන් ගත්තෙ නැති බවක් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම බොලිවුඩයේ ඉතා ජනප්‍රිය වෙච්ච අග්නීපත් චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් සුපිරි තරු රිතික්ගේ බිරිඳ වන සුසාන් සංවිධානය කරපු සාදයටත් ප්‍රියංකාට නම් ආරාධනා කරල තිබුනෙ නෑ. කොහොම හරි මේ ප්‍රියංකාගේ නම නොකියන මිතුරාට අනුව නම් බොලිවුඩ්පුරයේ ප්‍රියංකාට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් පවතිනව කියල නම් පේනවා. කොහොම හරි මේ ප්‍රියංකාගේ මිතුරා නම් කියන්නේ මේ බිරින්දෑ වරුන්ට තමන්ගේ සැමියන්ව විශ්වාස කරන්න බැරිකමට ප්‍රියංකාට වැරැද්ද පටවනවා කියලයි.

කොහොම හරි මේ ලිපිය නිසා බොලිවුඩයේ සුපිරි තරු යුවලගේ බිරින්දෑ වරුන්ට නම් ගොඩක් තරහා යන්න ඇති. ඒත් ඉතින් ඔවුන් නම් තවම මේකට ප්‍රතිචාරයක් දක්වලා නම් නෑ. නමුත් මේ අර්ටිකල් එකට අනුව කරන් ජොහාර් පවා පසුගියදා පැවති ඔහුගේ මිතුරෙකුගේ සාදයකදී ප්‍රියංකා ගෙන වැරදි කියලා තියෙනවා. මේ අර්ටිකල් එක දැකලා තරහා ගිය කරන් ජොහාර් ට්විටර් හි මෙසේ ට්වීට් කරලා තිබුනා.


කවුද වැරදි කවුද හරි කියලා අපි නම් දන්නේ නෑ. ඒත් ප්‍රියංකා අතීත කැ‍රැක්‍ටුව නම් එච්චර හොඳ නෑ.

Dangerous Ishhq චිත්‍රපටියේ ගීතයක් නිකුත් වේ


Dangerous Ishhq චිත්‍රපටියේ ගීතයක්  නිකුත් වී ඇත. ඒ චිත්‍රපටියේ " තු හි රබ්" කියන ගීතයයි. ගීතය පහලින් බලන්න.

Tezz චිත්‍රපටියේ ගීතයක් නිකුත් වේ


Tezz චිත්‍රපටියේ ගීතයක්  නිකුත් වී ඇත. ඒ චිත්‍රපටියේ ප්‍රධාන ගීතයයි. ගීතය පහලින් බලන්න

Vicky Donor චිත්‍රපටියේ ගීත දෙකක් නිකුත් වේ


Vicky Donor චිත්‍රපටියේ ගීත දෙකක් නිකුත් වී ඇත. ඒ "Rum and Whisky " හා " පානි කේ රන්ග්" යන ගීත දෙකයි. එම ගීත පහලින් බලන්න. 




Dangerous Ishhq චිත්‍රපටියේ Posters හා Trailer එක නිකුත් වේ

ජනප්‍රිය නිලි කරිශ්මා කපූර් ගේ සිනමාවට නැවත ආගමනය ලෙස සැලකෙන Dangerous Ishhq චිත්‍රපටියේ Posters හා Trailer එක නිකුත් වී තිබේ. මෙය වික්‍රම්  භට් ගේ අධ්‍යක්ශනයක් වන මෙම චිත්‍රපටියේ කරිශ්මාට අමතරව නවක නලු රාජ්නේශ් දුග්ගල් ද රංගනයෙන් එක්වේ. මෙය 3D චිත්‍රපටියක් ලෙසද මැයි 11 වනදා සිට නිකුත් වීමට නියමිතයි. වැඩි විස්තර සඳහා මේ චිත්‍රපටියේ Movie Preview එක බලන්න.

Movie Poster :


Trailer :

Teri Meri Kahaani හි Trailer එක හා Poster එක නිකුත් වේ


හැමෝම බලාගෙන හිටපු  කුනාල් කෝලි ගේ  අලුත් ම චිත්‍රපටිය වන Teri Meri Kahaani හි Trailer එක හා Poster එක දැන් අන්තර්ජාලයට මුදාහැර ඇත. මෙහි ෂාහිඩ් කපූර් හා ප්‍රියංකා චොප්‍රා රංගනය දක්වයි. ඔවුන් දෙදෙනාගේ සැබෑ ජීවිතයේ ප්‍රසිද්ධ ආදර කතාව නිම වීමෙන් පසු ඔවුන් දෙදෙනා එක්ව රඟපෑ පලමු චිත්‍රපටියයි.


Poster:


මෙහි Trailer එක : 



Shanghai චිත්‍රපටියේ Poster එක හා Trailer එක නිකුත් වේ


දෙබාකර් බැනර්ජී ගේ Shanghai චිත්‍රපටියේ Poster එක හා Trailer එක නිකුත් වී ඇත. මෙම චිත්‍රපටිය Political Thriller එකක් වන අතර මෙහි රංගනයෙන් එම්රාන් හශ්මි , අබේ ඩියෝල් හා කල්කි දායක වේ. දැනටමත් මෙහි Trailer එකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී ඇත.

Poster:

Trailer:

Department චිත්‍රපටියේ Trailer එක හා Poster එක නිකුත් වේ


අධ්‍යක්ශක රාම් ගෝපාල් වර්මා ගේ අලුත්ම චිත්‍රපටිය Department වන හි Trailer එක හා Poster එක නිකුත් වී තිබේ. මෙහි රංගනයෙන් අමිතාබ් බච්චන් , සන්ජේ දත් හා රානා දගුපති දායක වෙයි. මෙය චිත්‍රපටියක් වන අතර මැයි 18 වනදා සිට ලෝ පුරා තිරගත වීම ආරම්බ වෙයි.

Poster:


Trailer:

Saturday, April 7, 2012

කේටී පෙරී , සචින් ටෙන්දුල්කාර් හා ප්‍රියංකා චොප්‍රා ගැන පැසසුම් වදන්


ජනප්‍රිය පොප් ගායිකා කේටී පෙරී පසුගිය 3වනදා චෙන්නායි හි පැවති IPL opening ceremony එකට එක්විය. ඇයට එහිදී බොලිවුඩ් තරු මෙන්ම ක්‍රිකට් තරුද මුන ගැසුනා. ඒ අතරින් සචින් ටෙන්දුල්කාර් හා ප්‍රියංකා චොප්‍රා විශේෂයි. ඇය මෙසේ තමන්ගේ සතුට Twitter හි ප්‍රකාශ කර තිබුනා.ඒ වගේම ඇය හා සචින් එකට සිටින Photo එකකුත් post කර තිබුනා



දිව්‍යා භාරතී ගේ ජීවිත කතාව රිදී තිරයට



වික්‍රම් සන්දු කියන ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ශක 1993 දී අභිරහස් ලෙස මිය ගිය බොලිවුඩ් නිලියකගේ ජීවත කතාවක් නිර්මානය කරන්නට සැරසේ. ඇත්තට එම කාලයෙදි එසේ මියගිය නිලිය වන්නේ ප්‍රකට නිලි දිව්‍යා භාරතී වේ. වික්‍රම් සන්දු දිව්‍යා ගේ නම නොකීවද ඇගේ ජීවිත කතාවටත් තමා ලියූ පිටපතත් අතර සමානකම් ඇති බව පිළි ගනී. දිව්‍යා භාරතී , ෂාරුක් ඛාන්ගේ මුල් චිත්‍රපටි දෙකේම රංගනයෙන් දායක වී ඇත. ඇය බොහෝ ජනප්‍රිය චිත්‍රපටි ‍රැසක රඟපෑවද ඛේදනීය ලෙස හදිසියේම මෙලොවින් සමුගත්තාය. වික්‍රම් සන්දු මෙම චිත්‍රපටියේ දිව්‍යාගේ චරිතයට තවම කිසිවෙක් ‍තෝරා නොගත්තද ඔහු පවසන පරිදි ජනප්‍රිය නිලියක් ඔහු මේ සඳහා ‍තෝරාගන්නා බවයි.

- News : Courtesy TOI , Photos : Courtesy Wikipedia

Thursday, April 5, 2012

Dangerous Ishhq (2012)


අධ්‍යක්ශනය : වික්‍රම් බට්
ඇගයීම :
රංගනය කරිශ්මා කපූර්, රාජ්නේශ් දුග්ගල්
Genre: Suspense Thriller  
Run time:
තිරගත වීම : 
මාධ්‍ය: 3D , 2D

කතාව කෙටියෙන්... 

රෝහන්(රාජ්නේශ් දුග්ගල්) , ඉන්දියාවේ ප්‍රධාන පෙලේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකි.ඔහු හා සන්ජනා (කරිශ්මා කපූර්) කියන ජනප්‍රිය නිරූපිකාව රටේ ඉතා ප්‍රසිද්ධ පෙම් යුවලක්ය. සන්ජනාට හදිසියේම නිරූපන අවස්තාවක් සඳහා ප්‍රංශයට යාමට සිදුවේ.ඒත් අවසාන මොහොතේදි ඇගේ මෙම ගමනට බාධා ඇතිවන්නේ ඇයට රෝහන්ව දාලා යන්න වන නිසාම නෙමේ. ඒ අභිරහස් අදිසි බලවේගයක් නිසාය. මේ අතරෙම රෝහන් ව කවුදෝ නාදුරන පිරිසක් පැහැර ගෙන යනවා. මෙම ආන්දෝලනාත්මක පැහැර ගැනීම නිසා සන්ජනාගේ ජීවිතය තවත් අවදානමට ලක්වෙනවා.මේ අතරේ රෝහන්ව පැහැර ගත් පිරිස කෝටි 50ක කප්පම් මුදලක් ඉල්ලා සිටියත් පොලීසිය විස්වාස කරන්නේ කප්පම් මුදල ගෙව්ව කියල රෝහන් ගෙ ජීවිතය ලැබෙන එකක් නැති බවයි. කාලය වේගයෙන් ගලා යයි. නවද සන්ජන අමුතු අත්දැකීමකට මුහන දෙනවා. ඒ ඇයට අතීත සිදුවීම් වගයක් දරශනය වෙයි. ඒ විවිධ කාල වලට අයත් ඇය හා රෝහන් සම්බන්ධ ඒවායි. මුලින් ඇය මේවා පිලි නොගත්තද එම අතීත සිදුවීම් මගින් ඇගේ ආදරය වන රෝහන්ව බේර ගන්න උදව් වන ඉඟි ලැබෙනවා. පසුව ඇය එම ඉඟි ඔස්සේ ඔහුව බේර ගන්න උත්සහ කරනවා. ඇගේ ඒ කතාව තමයි මේ Dangerous Ishhq එහෙම නැත්නම් අවදානම් සහිත ආදරය.

Trailer: 

Tezz (2012)


අධ්‍යක්ශනය ප්‍රියදර්ශන්
ඇගයීම :
රංගනය : අජේ දේව්ගන්, අනිල් කපූර්, කන්ගනා රනාවත් , සමීරා රෙඩ්ඩි, බෝමන් ඉරානි හා සයිඩ් ඛාන්
Genre:  Action Thriller
Run time:
තිරගත වීම : 

කතාව කෙටියෙන්... 

එක් පුද්ගලයෙක් තමන්ට අහිමි වූ දේ නැවත ලබා ගන්න ඉදිරියට ඇවිත් සිටිනවා, අනෙක් පුද්ගලයා ඔහුව නවත්වන්න නීතියේ නාමයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා. දෙදෙනාම තරඟ වදින්නේ එකිනෙකාට විරුද්ධවයි , කාලයට විරුද්ධවයි.

ජීවිත විශාල ගණනක් මේනිසා විනාශ වී ඇත. විනාශ වීමට නියමිතවද ඇත.ආකාශ් රානා (අජේ දේව්ගන්) හා ත්‍රස්ත විමර්ශන නිලධාරි අර්ජුන් ඛන්නා (අනිල් කපූර්)අතර පවතින මේ තරඟය නිසාය. මේ දෙදෙනාගෙන් එක් කෙනෙක්ට පමනයි ජය ගත හැකි වන්නේ. මෙය ත්‍රස්ත්වාඩය හා නීතිය අතර සටනකි.

Trailer : 

Wednesday, April 4, 2012

Agent Vinod (2012)


අධ්‍යක්ශනය : ශ්‍රි රාම් රාගවන්
නිශ්පාදනය: සයිෆ් අලී ඛාන්, දිනේශ් වෛජාන්
ඇගයීම : **1/2 (2 + 1/2)
රංගනය : සයිෆ් අලී ඛාන්, කරීනා කපූර්
Genre:  Action Spy Thriller
Run time: 2hrs 32 minutes 
තිරගත වීම : March 26 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි Ultra සිනමා හලේදී

කතාව කෙටියෙන්...
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ සේවය කල රාජ්න් නැමති ඔත්තු කරු මොස්කව් නුවරදි හදිසියේම තමන්ගේ අනන්‍යතාව එළිවීම නිසා මරණයට පත්වේ. මේ ගැන සහ රාජන් මරණයට පත්වීමට පෙර එවු 242 යන කේතය කුමක් දැයි සේවීම විනෝද් (සයිෆ් අලී ඛාන්) කියන ඒජන්තවරයා රුසියාවට යයි. මෙයින් ආරම්භ වූ මෙම මෙහයුම එජ්න්ට් විනොද් තමන් ගේ නම නිරන්තරයෙන් වෙනස් කරමින් විවිධ රටවලට ගමන් කරයි.මෙම චිත්‍රපටිය ජේම්ස් බොන්ඩ් ආකරයේ චිත්‍රපටියක් වේ. නමුත් මෙය සම්පුර්නයෙන්ම  අලුත් කතාවකි.

Trailer

Housefull 2 (2012)


අධ්‍යක්ශනය :   සජිත් ඛාන්
නිශ්පාදනය:  සජිත් නදියද්වාලා
ඇගයීම :** (2 Stars)
රංගනය : අක්ශේ කුමාර් , රිතේෂ් දේශ්මුක්,  අසින් , ජොන් එබ්‍රහම් , ජැකලින් ෆර්නැන්ඩස් , සරීන් ඛාන් , ශෙනාස් පද්මශ්‍රී, ශ්‍රෙයාස් තාල්පාඩේ ,  මිතුන් චක්‍රබොර්ති , රිශි කපූර් , රන්දීර් කපූර් හා බොමන් ඉරානි
Genre:  හින්දි කොමඩි චිත්‍රපටියකි.
Run time: 2 hours 25min
තිරගත වීම : April 6 සිට මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදී

කතාව කෙටියෙන්...


මෙහි කතාව අතිශය විනෝදජනක වෙයි. මෙය පියවරුන් හතර දෙනකු ගේත් , කසාද බඳින වයසේ සිටින දූ වරු හතර දෙනකු ගේත් , එම දූ වරු බඳින්න සිටින බෑනාවරු හතර දෙනකු ගේත් කතාවකි. හැම පියෙක්ටම ඕනේ තමන්ගේ දුව පෝසත්ම බෑනාට බන්දන්න. හැම දුවෙක්ටම ඕනේ  පෝසත්ම කෙනාව බඳින්න. හැම බෑනා කෙනෙක්ටම ඕනේ තමන් පෝසත්ම බෑනා බව පෙන්නන්න. මෙහි හැම චරිතයක්ම ඉතාම හාස්‍යජනක වෙයි. ඒ වගේම බෑනා වරු හතර දෙනාටම තියන්නේ එකම නම. මේ නිසා ඇතිවන සිද්ධි වටා මෙහි කතාව ගෙතී ඇත.
 මෙහි Trailer එක පහලින් බලන්න. .