Welcome to Bollywood in සිංහල!

අපේ වෙබ් අඩ්වියට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. බොලිවුඩ් සිනමාවේ සියලුම තතු හැකි තාක් දුරට සිංහලෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපේ අරමුණයි....

Don 2 (2011) Movie Review

2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන...Click to read more...

Agneepath(2012) Movie Review

1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ...Click to Read more...

මම ආයේමත් ෂාරුක් එක්ක රඟපාන්න ලැබෙන්න තරම් වාසනාවන්තයි : අනුශ්කා ශර්මා...

අනුශ්කා ශර්මා , යශ් චොප්‍රාගේ නවතම චිත්‍රපටිය සඳහා ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් එක්වීමට නියමිතයි. ෂාරුක් සමඟ Rab Ne Bana Di Jodi චිත්‍රපටියෙන් බොලිවුඩය පිවිසි ඇය නැවතත් ෂාරුක් සමඟ වැඩ කිරීමට ලැබීම වාසනාවක් බව පවසයි. ඇය එසේ පැවසුවේ ...Click to Read more....

Teri Meri Kahaani හි Trailer එක හා Poster එක නිකුත් වේ

හැමෝම බලාගෙන හිටපු කුනාල් කෝලි ගේ අලුත් ම චිත්‍රපටිය වන Teri Meri Kahaani හි Trailer එක හා Poster එක දැන් අන්තර්ජාලයට මුදාහැර ඇත. මෙහි ෂාහිඩ් කපූර් හා ප්‍රියංකා චොප්‍රා ...Click to Read more...

Friday, April 13, 2012

Dangerous Ishhq චිත්‍රපටියේ දෙවන ගීතය නිකුත් වේ

Dangerous Ishhq චිත්‍රපටියේ දෙවන ගීතය නිකුත් වී තිබේ. එය ගායනා කරන්නේ හිමේශ් රෙශ්ම්මියා විසිනි. මෙහි විස්තර මෙතනින් බලන්න. ගීතය පහලින් බලන්න.

Department චිත්‍රපටියේ පලමු ගීතය නිකුත් වේ

Department චිත්‍රපටියේ පලමු ගීතය නිකුත් වී තිබේ. මෙහි විස්තර මෙතනින් බලන්න. ගීතය පහලින් බලන්න.

ෂාරුක් ඛාන්ව නැවතත් ඇමරිකාවේ ගුවන් තො‍ටුපලේදී රඳවාගෙන


ෂාරුක් ඛාන්ව ඇමරිකාවේ නිව් යෝක් ගුවන් තො‍ටුපලේදී පැය 3කට  රඳවාගෙන තිබේ. ඒ ඊයේ ඔහු පුද්ගලික යානයකින් ඇමරිකාවට ගියවිටය. යේල් විශ්ව විද්‍යාලයෙන් පිරිනමන උසස්ම සාමාජිකත්වය ලැබූ ඔහු එහි දේශනයකට යාමේදී සිදුවී තිබේ. මෙලෙස ඔහුට මේ ඇබැද්දියට මුහුණ දෙන්න සිදු වූයේ පලමු වතාවට නෙමෙයි. 2010 දීත් මෙවැනිම සිද්ධියකට ඔහු මුහුණ දුන්නාය. ඒ ත් ඇමරිකාවෙදීය.





Image Courtesy : @SRK_fc   

ෂාරුක් ඛාන් ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ආරධිත දේශනයක


ෂාරුක් ඛාන් හට ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් ලැබුනු ආරාධනාවක් අනුව ඔහු ඊයේ ඔහු දේශනයක් පැවත්වූවාය. මෙහිදී ඔහුට විශ්ව විද්‍යාලයෙන් පිරිනමන උසස්ම සාමාජිකත්වය පිරිනැමුවාය.ඔහු මෙහිදී දේශනය පැවත්වූයේ මානුශිකත්වය කලාව තුලින් සොයා යෑම ගැනයි. ඔහුගේ දේශනය කොටස් 3 කින් පහත දැක්වේ. 











Image Courtesy : @SRK_fc   Video Courtesy : @TheSRKFC 

Wednesday, April 11, 2012

Zanjeer ප්‍රතිනිර්මාණයට සූදානම්


අපූර්ව ලාකියා අධ්‍යක්ශනය කරන්න නියමිත 1973 තිරගත වූ Zanjeer චිත්‍රපටියහි Remake සඳහා එහි cast එක ‍තෝරාගෙන අවසන් ය. එදා අමිතාබ් බච්චන් හා ජයා බච්චන් රංගනයේ යෙදුන Zanjeer චිත්‍රපටියේ මෙදා තෙලඟු චිත්‍රපට නළු රාම් චරන් තේජා හා ප්‍රියංකා චොප්‍රා රංගනයේ යෙදීමට නියමිතයි. මොවුන් දෙදෙනාට අමතරව අර්ජුන් රාම්පාල්, මහි ගිල් හා ප්‍රකාශ් රාජ් මෙම චිත්‍රපටියට දායක වෙයි.

රානි මුකර්ජීත් Item Number කරන්නට යයි.


රානි මුකර්ජී මෙම නර්තනය කරන්න යන්නේ ඇගේ නිකුත් වෙන්න නියමිත "Aiyya" චිත්‍රපටිය වෙනුවෙනි. ඇයද දැන් කැට්‍රිනා කයිෆ් , කරීනා කපූර් හා විද්‍යා බාලන් ගේ පාරේ යමින් මෙම Item Song එක Hit එකක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙම චිත්‍රපටියට රානි සමඟ දමිල නලු ප්‍රිතිවිරාජ් ද රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය දමිල තරුණයකු සමඟ ආදරයෙන් බැ‍ඳෙන මරාති තරුණියක් වටා ගෙතෙයි.

තමන් හා ෂාරුක් පෙර ලෙසම මිතුරන්ය : අර්ජුන් රාම්පාල්


බොලිවුඩයේ බොහෝ දෙනා කතා කරපු දෙයක් තමයි අර්ජුන් රාම්පාල් හා ෂාරුක් ඛාන් අතර මිතුරුකම පළුදු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය මෙසේ කීවේ ෂාරුක් , ළඟදී අර්ජුන් විසින් පවත්වපු සාද වලට පැමින නොසිටීමයි. ඒත් මේ සියල්ලට උත්තර දෙමින් අර්ජුන් හින්දුස්තාන් ටයිම්ස් පත්තරේට ලිපියක් ලියා තිබේ. එයින් ඔහු තරයේම පවසා ඇත්තේ මෙය මාධ්‍ය වලින් ගොතපු කතාවක් මිසක් ඇත්තක් නොවන බවයි.

මේ ඒ ලිපියයි :