Tuesday, October 4, 2011

Mausam (ඍතු)


අධ්‍යක්ශනය :  ෂාහිඩ් කපූර් ගේ පියා වන පන්කජ් කපූර්
ඇගයීම : *** (3/5)
රංගනය : ෂාහිඩ් කපූර්, සෝනම් කපූර්
Genre:  Romantic Drama


මෙම චිත්‍රපටිය කාලෙකින් දකින්න ලැබුනු ආදර කතාවකි. මෙම චිත්‍රපටිය මුලිකවම ගෙතෙන්නේ Harinder Singh හෙවත් Harry යන පන්ජාබි තරුණයා හා Aayath යන කාශ්මීරි තරුණිය වටාය.මෙහි මොවුන් දෙදෙනාගේ ජීවිතයේ වසර 10ක් තුල සිදුවන ලංවීම්, වෙන්වීම් මෙන්ම බාහිර ලෝකයෙන් ඔවුන්ට එල්ල වන අභියෝග පිලිබඳව වඩා නාට්‍යමය අන්දමින් පෙන්වයි.

මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ ජනප්‍රිය නලු ෂාහිඩ් කපූර් හා විලාසිතා ‍රැජින ලෙස ප්‍රකට සෝනම් කපූර් වේ.මෙම චිත්‍රපටිය ෂාහිඩ් කපූර් ගේ පියා වන පන්කජ් කපූර් ගෙ කුළිඳුල් චිත්‍රපටිය වේ.
මෙහි සංගීතය ප්‍රීතම් විසින් නිර්මානය කරන ලද අතර මෙහි "රබ්බා" හා "සජ් ධජ් කෙ" යන ගීත ඉතා ජනප්‍රිය විය.
ෂාහිඩ් හා සෝනම් කපූර් ට අමතරව අනුපම් ක්හෙර්, සුප්‍රියා පතක් , අදිති ෂර්මා මෙහි රංගනයෙන් දායක වේ..ඉන්දියාවේ හා ස්කොට්ලන්තයේ රූපගත කරන ලැබූ අතර මෙහි රූප අතිවිශිශ්ට ලෙස කාච ගත කොට ඇත.

0 comments:

Post a Comment