Sunday, April 8, 2012

ප්‍රියංකා හා කරන් ප්‍රසිද්ධියේ වාදයක ?


පසුගිය අඟහරුවාදා දිනයක ‍බොලිවුඩයේ සඟරාවකට පැමිණි නම සඳහන් නොකල ප්‍රියන්කා චෝප්රා ‍ගේ මිතුරෙක්/මිතුරියක්, බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන්ද රිතික් රෝෂන් ගේ බිරිද වන සුසාන් රෝෂන් වගේම බොලිවුඩයේ ඉතා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වගේම නිෂ්පාදකයෙක් වෙන කරන් ජොහාර්වද විවේඡනය කරල තියනවා.

කෙසේ වෙතත් ඔහු ‍මේ තුන්දෙනාමයි කියමින් විවේඡනය කරේ නැති උනත් බොලිවුඩ් පුරයේ හැමෝටම පැහැදිලිව පෙනිලා තියනවා මේ අය ගැන තමයි මෙහෙම විවේඡනය කරල තියෙන්නෙ කියලා. කොහොම හරි එම ලිපියට අනුව නම් පසුගිය මාස කිහිපයකට කලින් ඔපෙරා වින්ෆ්‍රිගේ ඉන්දියා සංචාරය අතර තුරදී ඇය වෙනුවෙන් සංවිධානය කරපු සාදයේදී වගේම සුපිරි තරු ශාරුක් ඛාන් ගේ නිවසේ පැවති  රාමසාන් උත්සවේට ආපු ප්‍රියංකාව කවුරුවත් වැඩිය ගනන් ගත්තෙ නැති බවක් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම බොලිවුඩයේ ඉතා ජනප්‍රිය වෙච්ච අග්නීපත් චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් සුපිරි තරු රිතික්ගේ බිරිඳ වන සුසාන් සංවිධානය කරපු සාදයටත් ප්‍රියංකාට නම් ආරාධනා කරල තිබුනෙ නෑ. කොහොම හරි මේ ප්‍රියංකාගේ නම නොකියන මිතුරාට අනුව නම් බොලිවුඩ්පුරයේ ප්‍රියංකාට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් පවතිනව කියල නම් පේනවා. කොහොම හරි මේ ප්‍රියංකාගේ මිතුරා නම් කියන්නේ මේ බිරින්දෑ වරුන්ට තමන්ගේ සැමියන්ව විශ්වාස කරන්න බැරිකමට ප්‍රියංකාට වැරැද්ද පටවනවා කියලයි.

කොහොම හරි මේ ලිපිය නිසා බොලිවුඩයේ සුපිරි තරු යුවලගේ බිරින්දෑ වරුන්ට නම් ගොඩක් තරහා යන්න ඇති. ඒත් ඉතින් ඔවුන් නම් තවම මේකට ප්‍රතිචාරයක් දක්වලා නම් නෑ. නමුත් මේ අර්ටිකල් එකට අනුව කරන් ජොහාර් පවා පසුගියදා පැවති ඔහුගේ මිතුරෙකුගේ සාදයකදී ප්‍රියංකා ගෙන වැරදි කියලා තියෙනවා. මේ අර්ටිකල් එක දැකලා තරහා ගිය කරන් ජොහාර් ට්විටර් හි මෙසේ ට්වීට් කරලා තිබුනා.


කවුද වැරදි කවුද හරි කියලා අපි නම් දන්නේ නෑ. ඒත් ප්‍රියංකා අතීත කැ‍රැක්‍ටුව නම් එච්චර හොඳ නෑ.

0 comments:

Post a Comment