Saturday, April 7, 2012

දිව්‍යා භාරතී ගේ ජීවිත කතාව රිදී තිරයට



වික්‍රම් සන්දු කියන ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ශක 1993 දී අභිරහස් ලෙස මිය ගිය බොලිවුඩ් නිලියකගේ ජීවත කතාවක් නිර්මානය කරන්නට සැරසේ. ඇත්තට එම කාලයෙදි එසේ මියගිය නිලිය වන්නේ ප්‍රකට නිලි දිව්‍යා භාරතී වේ. වික්‍රම් සන්දු දිව්‍යා ගේ නම නොකීවද ඇගේ ජීවිත කතාවටත් තමා ලියූ පිටපතත් අතර සමානකම් ඇති බව පිළි ගනී. දිව්‍යා භාරතී , ෂාරුක් ඛාන්ගේ මුල් චිත්‍රපටි දෙකේම රංගනයෙන් දායක වී ඇත. ඇය බොහෝ ජනප්‍රිය චිත්‍රපටි ‍රැසක රඟපෑවද ඛේදනීය ලෙස හදිසියේම මෙලොවින් සමුගත්තාය. වික්‍රම් සන්දු මෙම චිත්‍රපටියේ දිව්‍යාගේ චරිතයට තවම කිසිවෙක් ‍තෝරා නොගත්තද ඔහු පවසන පරිදි ජනප්‍රිය නිලියක් ඔහු මේ සඳහා ‍තෝරාගන්නා බවයි.

- News : Courtesy TOI , Photos : Courtesy Wikipedia

0 comments:

Post a Comment